“මං නිසා වර්ජන එපා“- කාලෝ වෛද්‍ය සංගමයට මූණටම කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

“මං නිසා වර්ජන එපා“- කාලෝ වෛද්‍ය සංගමයට මූණටම කියයි

තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ රෝගීන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද(10) ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති ධූරයෙන් පසුගියදා ඉවත්වූ මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා හමුවී එම තනතුරින් ඉවත් නොවන ලෙසත් ඔහු ඉවත්කරන්නේ නම් තමන් වැඩ වර්ජනයකට යොමුවන බවත් කියමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය හා එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ යන මහත්වරු අද මහාචාර්යවරයාගේ නාවල නිවසේ දී ඔහු හමුවී සංදේශයක් බාරදෙමින් ඉල්ලීමක් කළේය.

එම අවස්ථාවේ දී ඔවුන් ඉදිරියේ වැඳ වැටෙමින් ෆොන්සේකා මහතා ඉල්ලා සිටියේ තමා වෙනුවෙන් කිසිදු වැඩවර්ජනයකට නොයන ලෙසයි.
තමා වෛද්‍ය වර්ජනයන්ට අකමැති බවත් වසර 5ක් වෛද්‍ය සභාවේ සභාපති ලෙස කටයුතු කළ බවත් තවත් මාස හයක් කල් ලබාගෙන එම තනතුරේ සිටි බවත් තවදුරටත් එහි රැඳී සිටීමට වුවමනාවක් නැති බවත් ෆොන්සේකා මහතා එහිදී වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad