ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ඇමරිකාවේදී අතුරුදන් ..අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ඇමරිකාවේදී අතුරුදන් ..අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසියට දැනුම් දෙයි

ඇමරිකාවේ වොෂින්ටන් නුවර පිහිටි  ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ  ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් කටයුතු කර සේවා කාලය අවසන් වුවද මෙරටට යළි නොපැමිණ සැඟව සිටින හමුදා බි‍්‍රගේඩියර්වරයකු  අත්අඩංගුවට ගැනීමට තානාපති කර්යාලය මගින්  ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බව යුද හමුදාව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීමට දැනුම් දී ඇත්තේ ගජබා රෙජිමේන්තුවේ  සේවය කරමින් සිටි ජයන්ත රත්නායක නැමැති බි‍්‍රගේඩියර්වරයා බව  හමුදාව පවසයි. බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා ඉකුත් රජය සමයේ 2014  දෙසැම්බර්  මස ඇමැරිකාවේ වොෂින්ටන් හි පිහිටි ශි‍්‍ර ලංකා තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයකු වශයෙන් පත්කර යවා තිබුණි. 2016 වසරේ ඔහුගේ නිල කාලය අවසන් වී නැවැත  ලංකාවට පැමිණීමට  නියමිතව තිබුණ ද මෙතෙක් ඔහු ශි‍්‍ර ලංකාවට පැමිණ නොමැති  බවද හමුදා  ආරංචි සඳහන් කරයි.

මෙම  බි‍්‍රගේඩියර්වරයාගේ එම තනතුරට දැනට  නාවික හමුදා නිලධාරියකු පත් කර ඇති බවත් මින් ඉදිරියට එම තනතුර  ශි‍්‍ර ලංකා නාවික හමුදාවට  ලබා දී ඇති බවද හමුදාව කියයි. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බි‍්‍රගේඩියර් රොෂාන් සෙනවිරත්න මහතාගෙන් කළ විමසුමකදී ඒ මහතා පැවසුවේ බි‍්‍රගේඩියර් ජයන්ත රත්නායක මහතා මෙතෙක් හමුදා සේවට වාර්තා කර නොමැති හෙයින් ඔහු හමුදාව හැරගිය පුද්ගලයකු වශයෙන් නම්කර  ඔහුට එරෙහිව පියවර ගෙන ඇති බවයි.

මොහු රාජත්‍යාන්තික විදෙස් ගමන් බලපත‍්‍රයක් භාවිතා කරමින් මෙලෙස සැගවී සිටින හෙයින් මොහු අත්අඩංගුවට ගැනීමට ඇමැරිකානු තානාපති කාර්යාල මගින් ජාත්‍යන්තර පොලිසියට දැනුම් දී ඇති බවද  හමුදා ප‍්‍රකාශවරයා කීය. මෙම නිලධාරියා කර ඇති යම් යම් කි‍්‍රයා හේතුවෙන් වසර කිහිපයක් පුරා යුද හමුදාවට හිමිව තිබු එම ආරක්ෂක උපදේශක තනතුර හමුදාවට අහිමි ව ඇති බවද හමුදා ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad