ශ්‍රී දළදා තේවාව අස්ගිරියෙන් මල්වත්තට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

ශ්‍රී දළදා තේවාව අස්ගිරියෙන් මල්වත්තට

ශ්‍රී දළදා තේවාව අස්ගිරියෙන් මල්වත්තට
ශ්‍රී දළදා වහන්සේ උදෙසා දෛනිකව සිදු කෙරෙන්නා වූ තේවා කටයුතු සිදු කිරීමේ වගකීම ඉදිරි වර්ෂය සඳහා අස්ගිරි පාර්ශවයේ සිට මල්වතු පාර්ශවය වෙත පැවරීම පෞරාණික චාරිත්‍රානුකූලව ඊයේ (9) ශ්‍රී දළදා මාලිගාවේ සිදු කෙරිණි. වර්ෂයක් පාසා මල්වතු අස්ගිරි උභය මහ විහාර අතර මෙම තේවා මාරුව ඇසල පුන් පොහෝ දිනට පසු දින සිදු කෙරෙයි.

පසුගිය වර්ෂයක කාලය පුරා අස්ගිරි පාර්ශවය මඟින් ශ්‍රී දළදා වහන්සේ උදෙසා සිදු කෙරෙන්නා වූ තේවා කටයුතු සිදු කෙරුණු අතර අද සිට එම කටයුතු මල්වතු මහ විහාර පාර්ශවය මඟින් ඉදිරි වසරක කාලයක් සඳහා සිදු කරනු ඇත. තේවා මාරුව පෞරාණික චාරිත්‍රානුකූලව සිදු කෙරෙන අවස්ථාවට මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දෙනම හා විංසත් වර්ගික කාරක සංඝ සභික හිමිවරු කිහිප නමකුත් දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතාද සහභාගී විය.

ශ්‍රී දළදා වහන්සේගේ තේවා කටයුතු සඳහා නායක හිමිනමක් සමඟ හිමිවරු සිව් නමක් මල්වතු මහ නාහිමියන් විසින් පවත්වනු ලබන අතර උන්වහන්සේලා දළදා මාළිගාවේ වැඩ වාසය කරමින් වසරක කාලයක් පුරා තේවා කටයුතු සිදු කරනු ලබයි. 

(මහනුවර- කමල් සුරවීර)

No comments:

Post a Comment

Post Bottom Ad