රුපියල් බිලිනයක වංචාවක් ගැන ආරක්‍ෂක ලේකම්ගෙන් ප‍්‍රශ්ණ කෙරේ.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

රුපියල් බිලිනයක වංචාවක් ගැන ආරක්‍ෂක ලේකම්ගෙන් ප‍්‍රශ්ණ කෙරේ..

පසුගිය රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ආරම්භ කළ ජල ව්‍යාපෘතියක සිදුවී ඇතැයි කියන රුපියල් ලක්‍ෂ දස දහසක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන් බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඊයේ (03 වැනිදා) ප්‍රශ්න කර ඇත.

මෙම මූල්‍ය අක්‍රමිකතාව සිදු වූ බව කියන කාලසීමාවේදී කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතා ජලසම්පාදන හා ජලාපවහන මණ්‌ඩලයේ සභාපතිවරයා ලෙස කටයුතු කර ඇත. මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටින ලෙස කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාට දැනුම් දී තිබූ අතර ඒ අනුව ඒ මහතා ඊයේ පෙරවරු 10.00 ට පමණ එහි පෙනී සිටියේය. එහිදී ආරක්‍ෂක ලේකම්වරයාගෙන් පැය දෙකකට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කර තිබේ.

මෙවැනි තවත් ජල ව්‍යාපෘති 13 කදී මේ ආකාරයට මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇතැයි ජනාධිපති කොමිසමේ ආරංචි මාර්ග පවසයි. එම මූල්‍ය අක්‍රමිකතා සහ වංචා සම්බන්ධයෙන් ද සොයා බලාගෙන යන අතර පසුගිය සමයේ ජලසම්පාදන මණ්‌ඩලයේ රාජකාරි කළ තවත් නිලධාරීන් රැසකගෙන් ද ප්‍රශ්න කිරීමට නියමිතය. අම්පාර ජල ව්‍යාපෘතිය සඳහා පසුගිය රජය සමයේ විදේශාධාර සහ රජයේ මුදල් වෙන් කර තිබූ අතර එහිදී මෙම මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාව සිදු වූ බව පරීක්‍ෂණවලින් හෙළි වී තිබේ.

– දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad