මුලතිව් ඉඩම් මුස්ලිම් වැසියන්ට.. විරෝධය පා දෙමළ වැසියන් විරෝධතා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

මුලතිව් ඉඩම් මුස්ලිම් වැසියන්ට.. විරෝධය පා දෙමළ වැසියන් විරෝධතා..

මුලතිව් මුල්ලියාවලෙයි පූලාංමුරිප්පු ප්‍රදේශයේ පිහිටි භූමියෙන් අක්කර 160 ක භූමි ප්‍රමාණයක් මුස්ලිම් වැසියන්ට ලබා දීමට ඇති තීරණය වහාම ඉවත් කරගන්නැයි ඉල්ලමින් උද්ඝෝෂණ පෙලපාලියක් සංවිධානය කොට තිබුණි.

මුලතිව් මුල්ලියාවලෙයි වැසියන් පිරිසක් හා යාපනය සරසවියේ සිසුන් පිරිසක් මෙන්ම දෙමළ ජාතික සන්ධානයේ ක්‍රියාකාරීන් පිරිසක් විසින් මෙම උද්ඝෝෂණ පෙලපාලිය සංවිධානය කොට තිබූ අතර මුල්ලියාවලෙයි කාඩු විනායගර් කෝවිල ඉදිරිපිටින් ආරම්භ වූ මෙම උද්ඝෝෂණ පෙලපාලිය අවසන් වූවේ පූලාංමුරිප්පු මන්සන්ධියෙනි.

මෙහිදී උද්ඝෝෂණයෙහි නිරත වූවන් කියා සිටියේ යුද්දයට පෙර සහ පසුව සිටම දෙමළ ජනතාව පදිංචිව සිටි ප්‍රදේශ වෙනත් පාර්ශවයකට ලබා දීම දැඩි අසාධාරණයක් බවටත් මේ වන විට මුලතිව් පූලංමුරිප්පු රක්ෂිතයෙන් ඉඩම් අක්කර 160 ක් මුස්ලිම් ජනතාවට ලබා දී එම වැසියන් නැවත පදිංචි කරවීමේ සූදානමක් ඇති හෙයින් එම ක්‍රියාවට තමන් දැඩි සේ විරෝධය පා සිටින බවටයි. එමෙන්ම දෙමළ ජාතාවගේ උරුමය සංස්කෘතිය ඉඩම් වෙනත් ජාතියකට ලබා නොදී එම ඉඩම් වල ඉඩම් නොමැති දෙමළ වැසියන්ම නැවත පදිංචි කරවීමට බලධාරීන් පියවර ගත යුතු බවටයි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

No comments:

Post a Comment

Post Bottom Ad