ගල උඩ සටන ඇරඹෙයි.. තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 23, 2017

ගල උඩ සටන ඇරඹෙයි.. තනි ආණ්ඩුවකට දෙපැත්තෙන්ම මෙහෙයුම්..

ලබන ජනවාරි මාසය වන විට එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුවක් පිහිටුවා ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කර ඇති බව සිරිකොත ආරංචි මාර්ග සඳහන් කරයි.මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ ජේ‍යෂ්ඨ ඇමැති පිරිසක් මැදිහත්ව ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. 

මේ සාකච්ඡා ආරම්භ වී තිබෙන්නේ ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලනිප ඇමැති, නියෝජ්‍ය ඇමැතිවරුන් කණ්ඩායමක් විපක්ෂයේ අසුන් ගන්නා බවට ප්‍රසිද්ධියේ කෙරෙන ප්‍රකාශත් සමඟය.පාර්ලිමේන්තුවේ දැනට පවතින මන්ත්‍රිවරුන්ගේ සංයුතියට අනුව එජාප ආණ්ඩුවක් පිහිටුවීමට වැඩි හැකියාවක් තිබුණද එජාපයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රි කණ්ඩායම යළි පක්ෂයට එක් කරගෙන ශක්තිමත් ආණ්ඩුවක් පිහිටුවා ගැනීම ප්‍රධාන අරමුණ වී අති බව පැවැසේ.

පාර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයට මන්ත්‍රිවරු 106 දෙනකුද එක්සත් ජනතා නිදහස් සන්ධානයට මන්ත්‍රිවරු 95 දෙනකුද, දෙමළ ජාතික සන්ධානයට මන්ත්‍රිවරු 16 දෙනකුද, ජනතා විමුක්ති පෙරමුණට මන්ත්‍රිවරු 6 දෙනකු හා ඊපීඩීපී සංවිධානයට එක් මන්ත්‍රිවරයකුද වශයෙන් මන්ත්‍රිවරු 224 දෙනකු නියෝජනය කෙරේ. එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන මන්ත්‍රිවරුන්ගෙන් 51ක් සිටින්නේ ඒකාබද්ධ විපක්ෂයේය. කතානායකවරයා සමඟ මන්ත්‍රි සංඛ්‍යාව 225 සපිරේ.

දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරු 16 දෙනාගේ සහයෝගය එක්සත් ජාතික පක්ෂයට දැනටමත් ලබා දෙන බැවින් ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට එජාපයට හැකියාවක් පවතින බව එජාපයේ ජේ‍යෂ්ඨ ඇමැතිවරු පෙන්වා දෙති. එජාපයෙන් සන්ධානයට එක්ව සිටින මන්ත්‍රිවරු සමඟ සාකච්ඡා කිහිපයක්ම පවත්වා ඇති බවත් ඇතැම් මන්ත්‍රිවරු යළි එජාපයට එක්වීම තරයේම ප්‍රතික්ෂේප කර ඇති බවද දැනගන්නට ඇත.

මන්ත්‍රිවරු පිරිසක්, යළි පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතුව ඇතැයි පවසා ඇති බවත් තවත් පිරිසක් ඉදිරියේදී තීරණය දැනුම් දෙන බවටත් පවසා ඇතැයි දැනගන්නට ඇත. රජය කෙරෙහි ජනතාවගේ බරපතළ අප්‍රසාදයක් හටගෙන ඇති බැවින් එජාප රජයක් පිහිටුවීමේදී ජනතා ප්‍රසාදය ගොඩනංවා ගැනීමට ක්‍රියා කිරීම වඩා වැදගත්වන බැවින් ඒ සඳහා පුළුල් සංවාදයක් ඇතිකර වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව යෝජනා වී ඇති බවද පැවැසේ.

මේ අතර ශ්‍රී ලනිපයද තනි ආණ්ඩුවක් පිහිටුවීමට තීරණය කර ඒ සඳහා සාකච්ඡා පවත්වමින් සිටින බව එම පක්ෂයට සම්බන්ධ ආරංචි සඳහන් කරයි.

– Mawbima

No comments:

Post a Comment

Post Bottom Ad