වීරකැටියේ දෙපිරිසක් ගැටී තරුණයෙකු මරුට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 17, 2017

වීරකැටියේ දෙපිරිසක් ගැටී තරුණයෙකු මරුට

වීරකැටිය පොලිස් වසමට අයත් තංගල්ල පාර, වීරකැටිය ප්‍රදේශයේදී අද (17) අළුයම 1ට පමණ තරුණයෙකුට පහර දී ඝාතනය කර ඇති බවට වීරකැටිය පොලීසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

විමර්ශනයේදී අනාවරණය වූ කරුණු අනුව මිය ගිය තරුණයා ඊයේ (16) රාත්‍රී වීරකැටිය මණ්ඩාටුව ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයට සහභාගි වී නැවත නිවසට යමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇති බවයි. මෙලෙස මිය ගොස් ඇත්තේ තංගල්ල , පහලගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවු 21ක් වූ රවිදු නිම්සර ගාර්දිවසම් නැමති තරුණයෙකි.

මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණවලින් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැම්පත් කර ඇති බවද වාර්තා වේ. සිද්ධියට සම්බන්ධ වැඩිදුර විමර්ශණ වීරකැටිය පොලිසිය විසින් සිදු කරනු ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad