මූණු වහගෙන ගෑනු බය කරන භූත කල්ලියක් අකුරැස්ස කලඹයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

මූණු වහගෙන ගෑනු බය කරන භූත කල්ලියක් අකුරැස්ස කලඹයි

අකුරැස්ස පොලිස් වසමේ පෝරුතොට මාළුවරාල ප්‍රදේශයේ කාන්තාවන් පමණක් සිටින නිවෙස්වලට කළු පැහැති මුහුණු ආවරණය කරගෙන රාත්‍රි කාලයේ ගොස් කාන්තාවන් බියගන්වා දේපළ කොල්ල කන කණ්ඩායමක් සැරි සැරීම නිසා එම ප්‍රදේශයේ ජනතාවට මේ දිනවල දැඩි බියකින් රාත්‍රි කාලය ගත කිරීමට සිදුව ඇතැයි ප්‍රදේශවාසීන් පවසනවා.

එහි ආසන්නම සිදුවීම පසුගිය 12 දින රාත්‍රි මව සහ දුව පමණක් සිටින නිවෙසකට පැමිණ හදිසි කරදරයක් සිදුව ඇති බවට පවසා ‍දොර අරින ලෙස පවසා ඇත. එහෙත් කාන්තාවන් දෙදෙනා ‍දොර විවෘත කර නොමැත. ඊට ටික වේලාවකට පසුව කාන්තාවන් දෙදෙනා වැසිකිළි යෑම සඳහා ‍ෙදාර විවෘත කිරීමේදී කළු පැහැති මුහුණු ආවරණය කරගත් දෙදෙනකු ‍දොර අසල සිට පලාගොස් ඇති බව වාර්තා වනවා.

එම අවස්ථාවේම කාන්තාවන් දෙදෙනා පොලිස් හදිසි ඇමැතුම් අංක 119ට දැනුම් දීමෙන් පසුව අකුරැස්ස පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් පැමිණ සෝදිසි කළත් සැකකටයුතු කිසිවකු හෝ හමුව නොමැත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඊට පසුදින අකුරැස්ස පොලිසියට පැමිණිල්ලක් කරද තිබෙනවා. පෙරදින රාත්‍රි මුහුණදුන් සිදුවීම නිසා එදින රාත්‍රිය මව සහ දුව නිවෙසේ නොසිට වෙනත් හිතවත් නිවෙසක එදින රාත්‍රිය ගත කර ඇත. පසු දින උදේ සිය නිවෙසට පැමිණ ‍දොර විවෘත කර නිවෙසට ඇතුළු වූ පසුව දැක ගැනීමට ලැබී ඇත්තේ අල්මාරිය කඩා එහි තිබූ වටිනා සියල්ල සොරුන් විසින් රැගෙන ගොස් ඇති බවයි.

ඒ අතර රත්රන් බඩු, පාස් පොත් සහ ඇඳුම් පැලඳුම් සොරුන් විසින් පැහැරගෙන ගොස් ඇති බවට නිවැසියන් පවසනවා. මෙහිදී ඇඳුම් වශයෙන් වැඩිපුර රැගෙන ගොස් ඇත්තේ යට ඇඳුම්ය. පෙර දින දහවල් සෝදා වේළීමට නිවෙස ඇතුළේ වැලක දමා තිබූ යට ඇඳුම් සහ කාන්තාවන් රාත්‍රියට අඳින ඇඳුම් පමණක් රැගෙන ගොස් ඇති බවයි ඔවුන් පවසන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad