රාජපක්ෂවරු හොරුන් ද.. රාජිත, මංගලට දුන් උත්තරය..

රාජපක්ෂවරුන් රට පාලනය කිරිමේදී කරපු හොරකම් ගැන මංගල සමරවීර මහතා එදා චෝදනා කරද්දි ඒ වෙනුවෙන් එවකට UNP මන්ත්‍රී ලෙස පැමිණ රාජපක්ෂ ආණ්ඩුවට එකතුවී එම ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු වු වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පිලිතුරු දුන් විඩීයෝවක් මේ දිනවල ෆේස්බුක් අතර ඉතා ජනප්‍රියව ඇත.

යහපාලන ආණ්ඩුවේ සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස ආණ්ඩුවේ සෑම කරුණක් ගැනම කටට එන උත්තරයක් දෙන රාජිත අමාත්‍යවරයා එදා රාජපක්ෂවරුන් ගැන ඇත්ත කිව්වද අද ඇත්ත කියනවද යන්න මේ ඔහු කල කාථාවෙන්ම අවබෝධ කර ගැනීමට පහසුය. මේ දෙදෙනාම අද යහපාලන කියා ගන්නා මේ ආණ්ඩුවේ අමාත්‍යවරුන් වන අතර අද ඒ දෙදෙනාම ගජ මිතුරන් ය. 


එමෙන්ම වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද මේ ආණ්ඩුවේ සිටින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ගැනත් නිතරම චරිත සහතික දෙන බැවින්, ඔහු වඩාත් ප්‍රෙවේසම් විය යුත්තේ අනාගතයෙදි මෙවෙනිම විඩීයෝවක් ෆේස්බුක් අතර හුවමාරු වීමට ඉඩ ඇත්තේ අද සෑම දෙනා අතරම ස්මාර්ට් ජංගම දුරකතන එදාට වඩා බෙහෙවින් තිබෙන බැවිනි. 



Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment