නිති කේෂ්ත්‍රයේ ඉහළ පුටුවල වෙනසක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

නිති කේෂ්ත්‍රයේ ඉහළ පුටුවල වෙනසක්

මහාධිකරණ විනිසුරුවරුන් දෙදෙනෙකු හා නීතීපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයකු අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස උසස් කිරීමට ව්‍යවස්ථා සභාව අවසර ලබාදී තිබේ.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ ආර්. අමරසේකර මහතා, ශිරාන් ගුණරත්න මහතා සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක් ද සිල්වා යන මහත්වරුන් අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස මෙලෙස පත් කොට ඇත. අභියාචනාධිකරණයේ පුරප්පාඩුව පවතින විනිසුරුධුර සඳහා නම් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කොට තිබු අතර ඒ අතුරින් මෙම මහත්වරුන් ඒ සඳහා අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad