තව සති දෙකකින් ආණ්ඩුවේ බහුතර බලය අහිමි වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 22, 2017

තව සති දෙකකින් ආණ්ඩුවේ බහුතර බලය අහිමි වෙයි

තව සති දෙකකින් ආණ්ඩුවේ බහුතර බලය අහිමි වෙයි
තවත් සති දෙකකින් ආණ්ඩුවට තුනෙන් දෙකේ බහුතර බලය අහිමිවන බව ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මෙය ජනතාවගෙන් වසන් කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලන කටයුතුවලින් තාවකාලිකව ඉවත් වීම සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය විකෘති කරමින් කරලියට ගෙන ඒමට උත්සාහ දරන බව මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්වන බවට මාධ්‍ය තුළ පළ  වූ පුවත මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (20) පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
මන්ත්‍රීවරයා එහිදී මෙසේ ද අදහස් දැක්වීය.

 “පුවත්පත් දෙකක මං දැක්කා වාර්තා කරලා තියෙනවා රොෂාන් රණසිංහ ඒකාබද්ධ විපක්ෂෙන් ඉවත් වෙයි කියලා.ඒක මුළුමනින්ම සාවද්‍ය ප්‍රකාශයක්.සංවිධාන ක්‍රියාවලිය තුළ මතු වෙච්ච යම්කිසි කාරණයක් සම්බන්ධයෙන් ඔහුගේ කණගාටුව ප්‍රකාශ කළා.කිසිදු තැනක නියමයෙන් හෝ අනියමයෙන් ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනයෙන් ඉවත් වෙනවා. එහෙමත් නැත්තම් ආණ්ඩුවට සහයෝගය දක්වනවා කිසිම දෙයක් සඳහන් කරලා නැහැ.ජාතික ආණ්ඩුව ගිවිසුමේ බලාත්මක කාලය දෙසැම්බර් 31 වෙනිදා.

මේ ගිවිසුම අත්සන් කරනු ලැබුවේ 2015 අගෝස්තු මාසයේ 21 වෙනිදා.මේකේ 10 වෙනි වගන්තියෙන් මෙම අවබෝධතා ගිවිසුම වසර 2ක කාලයක් වලංගු වන අතර එතකොට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභ්‍යන්තරයේ විරෝධයක් මතු කරලා තියෙනවා මේ වසර දෙකේ කාලය ඉක්මවූ වහාම ආණ්ඩුවේ භූමිකාවෙන් අපි නිදහස් විය යුතුයි කියලා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලික හරයන්ට එරෙහි වූ ගමනකට ආණ්ඩුව යෙදෙන නිසා අපි ආණ්ඩුවෙන් ඉවත් වෙනවා.”

“මේ ආණ්ඩුවේ මුල්‍ය ප්‍රතිපත්ති තීන්දු කරන්නේ අර්ජුන් මහත්තයා.සෞඛ්‍ය පිලිබඳ තීරණය කරන්නේ නෙවිල් ප්‍රනාන්දු මහත්තයා.අධිකරණ ප්‍රතිපත්ති තීරණය කරන්නේ හුසේන් කුමාරයා.මේ ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රතිපත්ති තීරණය කරන්නේ එල්.ටී.ටී.ඊ ඩයස්පෝරාව.මේ ආණ්ඩුවේ රාජ්‍ය ප්‍රතිපත්ති තීන්දු කරන්නේ රනිල් වික්‍රමසිංහ.මේක කාටවත් ප්‍රහේලිකාවක් නෙවෙයි.ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කණ්ඩායමේ අවශ්‍යතාවක් තියෙනවා.

එක්සත් ජාතික පක්ෂයත් එක්ක මේ දීගය දින නියමයක් නැතුව අරගෙන යන්න.අපි උතුරු මැද පළාත් සභාවේදී දැක්කේ ඒක.ඒ නිසා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් ආණ්ඩුව ඇතුළේ ඉන්න සියලු දෙනාගෙන්ම ඉල්ලීමක් කරනවා මේ ආණ්ඩුවෙන් එළියට එන්න.ඇයි මේක යූ.එන්.පී. ආණ්ඩුවක්.කාටහරි නැවෙන් බහින්න ඕනෙනම් හොදම දවස සැප්තැම්බර් 2 අපේ පක්ෂයේ උත්පත්තිය වෙච්ච දවස.දෙසැම්බර් 30 වෙනකන් හිටියොත් නැව තියෙන්නේ මරියානා ආගාදයේ.ආයෙ ගොඩ එන්න නම් හම්බු වෙන්නේ නැහැ.”  යනුවෙන්ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

No comments:

Post a Comment

Post Bottom Ad