හිටපු ජනපතිගෙන් සුසන්තිකාට අවවාදයක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 21, 2017

හිටපු ජනපතිගෙන් සුසන්තිකාට අවවාදයක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ අවවාදයකට අනුව තමන් පදක්කම විකිණීමට දැරූ උත්සාහය අත් හැරිය බව සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි. කලබල නොවී ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් තමාට ලැබෙන සුළු දෙයකින් හෝ උපරිම සේවයක් කරන ලෙසත් හිටපු ජනාධිපතිවරයා කළ ඔවදන මත මෙම තීරණය ගත් බව ඇය ප්‍රකාශ කරයි.

සජිත් ප්‍රේමදාස ඇමතිවරයා සහ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ ලේකම්වරයා තමා අමතා මෙම ගැටළුව සම්බන්ධයෙන් සාකච්ඡා කළ බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය. මීට අමතරව වත්මන් රජයේ කිසිවෙක් මේ පිලිබඳ තමාගෙන් කිසිදු විමසුමක් නොකළ බවටද ඇය චෝදනා කරයි.

No comments:

Post a Comment

Post Bottom Ad