උපතේ සිටි ගොළු දරුවා මඩකලපු රෝහලේ විස්මිත සැත්කමින් පසු කථා කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

උපතේ සිටි ගොළු දරුවා මඩකලපු රෝහලේ විස්මිත සැත්කමින් පසු කථා කරයි

උපතේ සිටි ගොළු බව උරුමකරගෙන සිටි දරුවෙකුගේ නාලවල අවහිරතාවයන් සැත්කමක් මගින් සකස් කිරීමෙන් පසුව කතාබහකරන්නට හැකියාව ලබාගැනීමේ පුවතක් මඩකළපුව ශික්ෂණ රෝහලෙන් වාර්තා වෙයි. 

එරාවුර්හි පදිංචි මෙම ළමයාව මඩකළපුව ශික්ෂණ රෝහලේ කන, නාසය හා උගුර පිළිබඳ ශල්‍ය වෛද්‍ය විශේෂඥ එස්. ජීවදාස් මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ සිට පැමිණි විශේෂ වෛද්‍යවරුන් කණ්ඩායම විසින් මෙම සැත්කමට ලක්කර තිබුනි.

පැය හය හමාරක පමණ කාලයක් තිස්සේ කළ ශල්‍යකර්මයට පසුඅව කථාකිරීමේ හැකියාව ලබාගැනීම එම රෝහල් ඉතිහාසයේ වාර්තාවක් බවද රෝහල් අධ්‍යක්ෂක එම්.ඉබ්‍රාලබ්බේ පවසා ඇත. මෙම ශල්‍යකර්මය පෞද්ගලික රෝහලක සිදු කරන්නේ නම් ලක්ෂ ගණනාවක් වැයවන බවද වැඩිදුරටත් ඔහු පවසා ඇත.

මඩකළපුව - ජේ.කාන්

No comments:

Post a Comment

Post Bottom Ad