දික්කුඹුර ග්‍රාමීය බැංකුව කඩා ලිපිලේඛනවලට ගිනි තබලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

දික්කුඹුර ග්‍රාමීය බැංකුව කඩා ලිපිලේඛනවලට ගිනි තබලා

හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියට අනුයුක්තව දික්කුඹුර නගරයේ පිහිටා ඇති දික්කුඹුර ග්‍රාමීය බැංකුවේ ලිපි ගොනු සියල්ලම ගිනා තබා විනාශ කර ඇති බව පොලීසිය පවසනවා. පොලීසිය පැවසුවේ දික්කුඹුර ග්‍රාමීය බැංකුවේ ඉබියතුරු කඩා ආරක්ෂිත යකඩ පටියද කඩා  යම්කිසි පිරිසක් බැංකු පරිශ්‍රයට ඇතුළු වී එහි අල්මාරිවල තිබූ ලිපි ගොනු හා ලිපි ද්‍රව්‍ය බැංකු පරිශ්‍රයෙන් ඉවතට ගෙන ගිනි තබා ඇති බවයි.

ගිනි තැබීම හේතුවෙන් බැංකුවේ මුදල් හා උකස් භාණ්ඩ ලෙස තැන්පත් කර තිබූ ඔප්පු හා රන් ආභරණ හා වෙනත් උකස් භාණ්ඩ සම්බන්ධයෙන් සිදුව ඇති අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති බවයි
වාර්තාකරු කියා සිටියේ. හබරාදුව විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ග්‍රාමීය බැංකුවල මුදල් හා රන් ආභරණ තැන්පත් කර ඇති පුද්ගලයන් සිය මුදල් සහ උකස් භාණ්ඩ ලබාගැනීමට මීට පෙර අවස්ථා ගණනාවකදී අදාළ සමුපකාර ශාඛාවලට ගියද ගනුදෙනුකරුවන්ගේ මුදල් ලබාදීමට බැංකු කළමනාකාරීත්වයට නොහැකි වී ඇති බවද වාර්තා වනවා. 

ඊට හේතු වී ඇත්තේ ගනුදෙනුකරුවන් ඉල්ලීම් කළද බැංකුවල මුදල් නොමැති නිසා මුදල් ලබාදීම ප්‍රතික්ෂේප කරන බවයි ගනුදෙනුකරුවන් පවසන්නේ. ගිනි තැබීම හේතුවෙන් ගනුදෙනුකරුකරුවන්ගේ මුදල් ලබානොදීමට යම් උපක්‍රමයක් විය හැකි බවයි ගනුදෙනුකරුවන් පවසන්නේ. කෙසේ වෙතත් අදාළ බැංකු මගින් ගනුදෙනුකරුවන්ට ලබාදී ඇති බැංකු පොත්වල ගනුදෙනුකරුවන්ගේ තොරතුරු හා තැන්පත් කළ මුදල් සම්බන්ධයෙන් සඳහන්ව ඇති නිසා ගනුදෙනුකරුවන් බිය විය යුතු නැති බවයි බැංකු ආරංචි මාර්ග කියා සිටියේ. ගිනි තැබීම සම්බන්ධයෙන් ඉමදූව පොලිසිය ඉදිරි විමර්ශන සිදු කරනු ලබනවා.

සුනෙත් ගාල්ලගේ - ගාල්ල

No comments:

Post a Comment

Post Bottom Ad