නංගි බඳින්නේ කවද්ද.. මැතිවරණයෙන් පස්සේ බඳිමු අයියා.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 14, 2017

නංගි බඳින්නේ කවද්ද.. මැතිවරණයෙන් පස්සේ බඳිමු අයියා..

ආණ්ඩුවේ ගැටුම් හේතුවෙන් රට අනතුරේ වැටන ආකාරය පිලිබදව ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් ප්‍රකාශ කලේය.  

 “දැන් බලන්න සංස්කෘතික ඇමතිතුමා පන්සලත් එක්ක පිං පෙට්ටියත් එක්ක ගැටෙනවා. සංස්කෘතිය අනතුරේ. ක්‍රීඩා ඇමතිතුමා ක්‍රීඩයින් එක්ක ගැටෙනවා. ක්‍රීඩාව අනතුරේ. සෞඛ්‍ය ඇමතිතුමා වෛද්‍යවරුන් එක්ක ගැටෙනවා. සෞඛ්‍ය අනතුරේ. කුකුලන් බාර ඇමතිතුමා කිකිලියන් එක්ක ගැටෙනවා. බිත්තර අනතුරේ. හරකුන් භාර ඇමතිතුමා එළදෙනුන් එක්ක ගැටෙනවා. කිරි ටික අනතුරේ. ජනාධිපතිතුමා අගමැතිතුමා එක්ක ගැටෙනවා. ආණ්ඩුව අනතුරේ.”

“අද කාටුන් එකක් මම උදේ පාන්දර දැක්කා. එක තරුණියක් අහනවා අනිත් තරුණියගෙන් අර කොල්ලා පස්සෙන් එනවා බං බදින දවස අහ අහ මොකද්ද මම මේකට කියන්නේ කියලා. අනිත් තරුණිය උත්තර දෙනවා පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ බදිමු කියලා කියන්න කියලා. ඒ පළාත් පාලන මැතිවරණය දින නියමයක් නැතුව කල් යනවා වගේම පළාත් සභා මැතිවරණයත් ඒ ආකාරයෙන්ම මැතිවරණ සිතියමින් අකුලන්න මේ ආණ්ඩුව කටයුතු කරන බව අපි ඉතා වගකීමෙන් යුතුව අනාවරණය කරනවා. රාජ්‍ය පාලනය ගිලිහිලා.”

 “ඔබට මතකද සිරිකොතේ අලියට වෙඩි තියපු පොලිස් රාලහාමි මේ රටෙන් අහපු ප්‍රශ්නය ඔබට මතකද? ඔහු ඇහුවා මේ රටේ ආණ්ඩුවක් තියනවද කියලා. මිත්‍රවරුණි අපිට අහන්න තියෙන්නෙ මේ සියළු නාඩගම් දිහා බලන් ඉදලා මේ රටේ ආණ්ඩුවක් තියනවද? කියලා.”

No comments:

Post a Comment

Post Bottom Ad