අර්ජුන්ගේ දුරකථන ඇමතුමක් ගැන සොයා බලන්නැයි ජනපති කොමිසමෙන් නීතිපතිට උපදෙස් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

අර්ජුන්ගේ දුරකථන ඇමතුමක් ගැන සොයා බලන්නැයි ජනපති කොමිසමෙන් නීතිපතිට උපදෙස්

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ අර්ජුන් ඇලෝසියස් සාක්ෂිකරුවෙකුට දුරකථන ඇමතුම් ලබා දීම සම්බන්ධයෙන් පියවර ගැනීමට නීති ප්‍රතිපාදන ඇත්දැයි සොයා බලන ලෙස මහ බැංකු බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙස ජනාධිපති කොමිසම නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙන බව වාර්තා වේ.

මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව, පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස සිදු කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් පෙරේදා (6) සිට මාස 6කට අත්හිටුවීමට තීරණය කර ඇත. ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත සහ දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත. 

No comments:

Post a Comment

Post Bottom Ad