උමාඔය නොකරයි.. දිගටම කරන්න රජය තීරණය කරයි..

ගැටළුකාරී තත්වයට පත්ව ඇති උමා ඔය ව්‍යාපෘතිය නොනවත්වා දිගටම කරගෙන යාමට වාරිමාර්ග අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙහිදී ජනතාවට හා පරිසරයට සිදුව ඇති හානිය අවම කරගනිමින් ව්‍යාපෘතිය ඉදිරියට කරගෙන යෑමට රජය අදහස් කරයි.

දැනට එම ජනතාවට හා පරිසරයට වී ඇති හානි සදහා පිළියම් යෙදීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් විදේශ විශේෂඥයන්ගේ සහය ලබාගැනීමට උපදෙස් දී ඇත. වාරිමාර්ග ඇමති විජිත් විජේමුණි සොයිසා මහතා පවසන්නේ උමාඔය ව්‍යාපෘතිය දැන් පවතින තත්වය මත නතර කිරීමට නොහැකි බවත් නතර කලහොත් බණ්ඩාරවෙල ප්‍රදේශයේ ජනතාවට විශාල හානියක් සිදුවනු ඇති බවත්ය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment