හම්බන්තොට වෙඩි තැබීමක්

හම්බන්තොට අධිකරණ හංදිය අසළ දී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා. ඔහු හම්බන්තොට රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව  වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුලත් කරු ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අද අලුයම 2.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති බව සඳහන්. යතුරු පැදියකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර සැකකරුවන් මෙතෙක් හදුනාගෙන නැහැ. එමෙන්ම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයාගේ අනන්‍යතාවය තහවුරු වී නොමැති බවයි පොලිසිය සඳහන් කළේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment