ගීතාගේ නඩුවට මැදිහත් වීමට හිටපු ඇමති පියසේන ගමගේට අවස්ථාව

පාර්ලිමේන්තු මන්ත්‍රී ගීතා කුමාරසිංහ මහත්මිය ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කළ පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවෙකු ලෙස සම්බන්ධ වීමට හිටපු අමාත්‍ය පියසේන ගමගේ මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා.

ඒ, ඊට අදාල පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් , ඊවා වනසුන්දර, උපාලි අබේරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීයි. ද්විත්ව පුරවැසිභාවය යන චෝදනා මත සිය මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අභියාචනාධිකරණය ලබා දී තිබු නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගීතා කුමාරසිංහ මහත්මිය පසුගියදා පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

ඒ අනුව එම පෙත්සමට අතරමැදි පෙත්සම්කරුවකු වීමට තමන්ට ද අවස්ථාව ලබා දෙන ලෙස ඉල්ලමින් පියසේන ගමගේ මහතා ද පෙත්සමක් ගොනු කළා. එය සැලකිල්ලට ගනිමින් අද දින පියසේන ගමගේ මහතා අදාළ නඩුවේ 4 වන වගඋත්තරකරු ලෙස නම් කෙරුණ බවයි නිව්ස් 24 අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment