අර්ජුන, සංගාගේ ඉල්ලීමට තිලංග කැමති වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

අර්ජුන, සංගාගේ ඉල්ලීමට තිලංග කැමති වෙයි

2009 වසරේදී පාකිස්ථානයේදි ශ්‍රී ලංකා ක්‍රිකට් පිළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සහ 2011 ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් මහ තරගය පිිළිබඳ යළි කතා බහක් මතුව තිබෙනවා.

ඒ හිටපු නායකයින් දෙපළක් වන අර්ජුන රණතුංග සහ කුමාර් සංගක්කාර මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කළ යුතු බවට කළ ප්‍රකාශයත් සමගයි. මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා ප‍්‍රකාශ කර සිටියේ ලාහෝර් ප්‍රහාරය සහ 2011 ලෝක කුසලානය පිළිබඳ පරීක්ෂණ කරන්න තමන් සූදානම් බවයි.
2009 අර්ජුන රණතුංග මහත්මා සභාපති හැටියට ගත්ත තීන්දුවක් පාකිස්තානයට ගියපු එක. ඒක පරිපාලනම වශයෙන් ගත්ත තීන්දුවක්. ඒක ගැන අද අභියෝගයට ලක්කරනවනම් කරන විදයක් තියනවා. මම හිතනවා කුමාර් සංගක්කාර මහත්තයා ඒක ගැන ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළ එක වැරදියි කියල. දැන් ඒ ප‍්‍රශ්නෙ වෙලා අපිට තවත් රටක්,විශේෂයෙන් ම ත‍්‍රස්තවාදය ගොදුරුවෙච්ච රටක ප‍්‍රශ්නයක් පිට අපිට ප‍්‍රහාරයක් එල්ල වුනා. අපිට වෙච්ච හානිය වෙලා ඉවරයි. අපි කල්පනා කරන්න ඔ්න ඉදිරියට අපිට කවදාහරි දවසක පකිස්ථානයට යන්න වෙයි, ක‍්‍රීඩා කරන්න වෙයි.. ඒ රටෙත් සන්සුන් තත්වයක් ඇතිවෙයි කියල අපි බලාපොරොත්තු වෙනවා. මොකද අපි අවුරුදු 30ක් යුද්ධ කරපු රටක්. මේ වෙලාවෙ ජාත්‍යන්තර පැත්තෙන් බැලුවොත් එහෙම සැක සහිත තැනකට රැුගෙන ගිය එක ගැන කතා කිරීම අපිටත් සංගක්කාර මහත්මයටත් ඒක සුදුසු නෑ. අර්ජුන කියනවා 2011 අවසන් තරගය සැක සහිතයි කියල. එතකොට ක‍්‍රීඩා ඇමති හිටියේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා. එහෙම ප‍්‍රශ්නයක් තියනවනම් ඒක එදා විසදගන්න ඔ්න. මේ සැකය තුළින් ඇතිවෙන්නෙ ක‍්‍රිකට් කීර්තිනාමය පලුදු වෙන එක. ප්‍රේක්ෂකයින් වැඩි වෙන්න වැඩි වෙන්න ඒගොල්ලෝ කැමතියි අපි තරග දිනනවට. එහෙම සැකයක් ඇතිවුනොත් වෙන්නේ ඒ පේ‍්‍රක්ෂකයින්ට ක‍්‍රිකට් ගැන තියන ගෞරවය විශ්වාසය නැතිවෙනවා. ඒක සුදුසු නෑ. ඒක අසාධාරනයි. 2009 ත් 2011 ත් පිළිබද අද වෙනකම් කවුරුත් මට පැමිණිලි කරල නෑ. පැමිණිල්ලක් අවොත් මම බලාපොරොත්තු වෙනවා අපේ විධායක කමිටුවත් එක්ක සාකච්ජා කරල ක‍්‍රීඩා ඇමති තුමාගේ නායකත්වයෙන් පරීක්ෂණයක් පවත්වන්න.

No comments:

Post a Comment

Post Bottom Ad