“කිසිදිනක හාල් හිඟයක් නෑ“ - ඇමති රිෂාඩ්ගෙන් අනාවැකියක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

“කිසිදිනක හාල් හිඟයක් නෑ“ - ඇමති රිෂාඩ්ගෙන් අනාවැකියක්

නැවත ලංකාවේ හාල් හිඟයක් ඇති නොවීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවටත් ලංකා හාල් මිල ගණන් ඉහළ යාමට හේතුව රජයෙන් වී සඳහා සහතික මිලක් ගැසට් කරපු අවස්ථාවේදී මෝල් හිමියන් වැඩි මුදලකට හාල් මිලදී ගැනීම බවත් එය මෝල් හිමියන්ගේ වරදක් බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුධීන් මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ වව්නියාව හා වැලිඔය ප්‍රදේශයේ සංචාරය කරන අවස්ථාවේදී හාල් මිල ගණන් ඉහල යාම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ අවස්ථාවේදීය. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා කියා සිටියේ “හාල් ගැටලුවේදී පසුගිය කාලයේදී වර්ෂාවන් නොලැබීම නිසා ගොවීන්ට හොඳ අස්වැන්නක් ලැබුනේ නැහැ කියා ඔබ දන්නවා.ඒ නිසා වී හිඟයක් ඇති වුණා.මෙහිදී අපේ ආණ්ඩුව තීරණය කළා හාල් ආනයනය කරන්න.හාල් ආනයනය කළාට පසුව මිල පාලනය වුණා.මිල පාලනය කරල අපි මිල ගැසට් කළා.

දැන් ආනයනය කරපු හාල්වලටයි ලංකාවේ සහල්වලටයි දෙකටම අපි උපරිම සිල්ලර මිලක් ගැසට් කළා.නමුත් මේ වෙනකොට ලංකාවේ සහල්වල මිල වැඩිවීමක් තියනවා කියල ප්‍රශ්නයක් වෙලා තියනවා.ඒකට කාරණය අපේ මෝල් හිමියන් වැඩි මිලක් දීලා වී ගත්ත කියල කියනවා නමුත් උපරිම සිල්ලර මිලක් හාල්වලට ගැසට් කරපු අවස්ථාවක වැඩි මිලට ගැනීම ඒ අයගේ වැරද්දක් නමුත් අපි ආණ්ඩුවක් හැටියට හාල්වලට උපරිම සිල්ලර මිලක් ගැසට් කරල තියන නිසා ඒ මිලටම ලංකාවේ 380 ක් පමණ වූ සතොස ආයතන හරහා ජනතාවට ලබා දීමේ වැඩපිළිවලක් දියත් කරල තියනවා. ඊට අමතරව සමූපාකාර හරහාත් හිගයක් නැතිව හාල් ලබා දීමට කටයුතු කරනවා.”

ජනාධිපවරයාගේ උපදෙස් පරිදි ආනයන කරපු හාල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ගබඩා කර ඇති බවත් ලංකාවට කිසිම දිනක හාල් හිගයක් නොවන බවත් ඊට අමතරව සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ වැඩි මිලට අලෙවි කරන්නන් සොයා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් ලංකාව පුරා වැටලීම් සිදු කරමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

(වන්නි රොමේෂ් මධුෂංඛ)

No comments:

Post a Comment

Post Bottom Ad