බීමත්ව නිවසට පැමිනි පාපතර පුතා එක්තැන්ව සිටි වයසක මවට පහර දී මරා දමලා .! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

බීමත්ව නිවසට පැමිනි පාපතර පුතා එක්තැන්ව සිටි වයසක මවට පහර දී මරා දමලා .!

බීමත්ව නිවසට පැමිනි පුතෙකු විසින් එක්තැන්ව සිටි සිය මවට පහර දී ඝාතනය කළ අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා. ඒ මොරවක කොටිකාගොඩ ප්‍රදේශයෙන්. ‍රාත්‍රියේ බීමත්ව නිවසට පැමින තිබෙන මෙම පුද්ගලයා එක්තැන්ව සිටින 82 හැවිරිදි සි‍ය මවට කිතුල් පොල්ලකින් පහර දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

සැකකරු නිතරම බීමත්ව නිවසට පැමිණෙන බවත් රාත්‍රී බීමත්ව පැමිණ නිවසේ සිටින අයට පහර දෙන බවත් මේ සම්බන්ධයෙන් තමන් මොරවක පොලිසියට පැමිණිලි කළ බවද අසල්වාසී තරුණයෙකු පවසා සිටියා. මෙලෙස මියගොස්‌ ඇත්තේ බේබිහාමි නම් 82 හැවිරිදි ව‍යෝවෘද්ධ මවකි.
සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

No comments:

Post a Comment

Post Bottom Ad