ඇමති වජිර මහනාහිමිවරුන් සමග රහස් සාකච්ජාවක..දුරකථනයෙන් අගමැතිත් සම්බන්ධ වෙලා! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

ඇමති වජිර මහනාහිමිවරුන් සමග රහස් සාකච්ජාවක..දුරකථනයෙන් අගමැතිත් සම්බන්ධ වෙලා!

ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, මල්වතු, අස්ගිරි මහනාහිවරුන් සමග රහස් සාකච්ඡාවක නිරත වී තිබෙනවා. අමාත්‍යවරයා මහනායක හිමිවරුන් වෙන වෙනම හමුවී සාකච්ඡා පවත්වා ඇති බවයිවාර්තා වුණේ.

ස්වදේශ කටයුතු අමාත්‍යංශ ලේකම්වරයා හා මහනුවර දිස්ත‍්‍රික් ලේකම්වරයා ද අමාත්‍යවරයා සමග මල්වතු අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට ගිය ද ඔවුන් ද සහභාගී කර නොගෙන අදාළ සාකච්ඡාව පවත්වා ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

සාකච්ඡා අතරතුර අමාත්‍යවරයා වරින් වර දුරකතන මාර්ගයෙන් අග‍්‍රාමාත්‍යවරයා ද සම්බන්ධ කරගෙන ඇති බවයි වාර්තා වුණේ. කෙසේ වෙතත් රට තුළ පවතින වත්මන් තත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කරන්නට ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

No comments:

Post a Comment

Post Bottom Ad