කොළඹ සරසවිය ස්වාධීන කිරීමේ සැලසුම එජාප මන්ත්‍රීවරයෙකුගේ වැඩක්? - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

කොළඹ සරසවිය ස්වාධීන කිරීමේ සැලසුම එජාප මන්ත්‍රීවරයෙකුගේ වැඩක්?

කොළඹ විශ්වවිද්‍යාලය, විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම යටතේ ක‍්‍රියාත්මක වීමේ පටිපාටිය වෙනස් කර එම විශ්වවිද්‍යාලයට ස්වාධීන තීරණ ගැනීමේ අයිතිය ලබාදීමට සැලසුමක් ඇතැයි වාර්තා වේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ පාඨමාලා විකිණීම මෙහි අරමුණ බවත් දේශපාලඥයින්ට අවශ්‍ය ලෙස විශ්වවිද්‍යාලය හසුරුවීමේ ක‍්‍රමයක් සැකසීමේ උත්සහයක් ඇති බවත් ආරංචි මාර්ග පවසයි. මෙම ක්‍රියාවලිය සඳහා එජාප මන්ත්‍රීවරයෙක් මැදිහත්වී කටයුතු කරන බවත් ඒ අනුව විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමෙන් කොළඹ විශ්වවිද්‍යාලය ඉවත් කර ස්වාධීන තීරණ ගැනීමට කටයුතු කිරීමෙන් තමන්ට කැමති විදියට සිසුන් තෝරගැනීම, පාඨමාලා සකස් කර විකිණීමට හැකි බවත් එම ආරංචි මාර්ග සඳහන් කළේය.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාල පරිපාලනය සහ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසම පසුගිය 04 වැනිදා කෝප් කමිටුවට කැඳවා මේ පිළිබඳව විමර්ශනයක් කළ යුතු බව යෝජනා කර ඇති අතර එම කෝප් කමිටු රැස්වීමේදී විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිසමද එවැනි උත්සහයක් තිබෙන බව පිළිගෙන ඇතැයි වාර්තා වේ.

No comments:

Post a Comment

Post Bottom Ad