දේශපාලන බලලෝභීන්ගේ සිහින බොඳකරන්න මෛත්‍රීගෙන් සැලසුමක්! - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

දේශපාලන බලලෝභීන්ගේ සිහින බොඳකරන්න මෛත්‍රීගෙන් සැලසුමක්!

බලයේ සිටියදී කෝටි ප‍්‍රකෝටි ගණන් ජනතා මුදල් සහ රාජ්‍ය වත්කම් ගසා කමින් බලය අනිසි ලෙස භාවිතා කර බරපතළ වංචා, දූෂණ සහ අපරාධ සිදු කළ අය නැවත තමන් බලයට පැමිණෙන බව ජනතාවට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

පහත් දේශපාලන කුමන්ත‍්‍රණ සිදු කරමින් කරන එම උත්සාහයන් කිසිසේත් සඵල කරගත නොහැකි අතර අදට මෙන්ම හෙටට රටට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට වත්මන් රජය විධිමත් අයුරින් කි‍්‍රයාවට නංවා තිබෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. හෙතෙම මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (05) පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති සැමට සෙවණ “විරුසුමිතුරු” රණවිරු නිවාස ඔප්පු ප‍්‍රදානයේ සමාරම්භක උත්සවය අමතමිනි.

මෙම උත්සව සභාව ඇමතු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ අද අවශ්‍ය වන්නේ පටු දේශපාලන කුමන්ත‍්‍රණ නොව රටේ ස්වාධීනත්වය සහ ඒකීයභාවය වෙනුවෙන් විරෝදාර රණවිරුවන් කළ පරිත්‍යාගය තුළින් රටත්, ජනතාවත් ලැබූ ජයග‍්‍රහණය තවදුරටත් තහවුරු කර ගනිමින් ඉදිරියට යාම බවයි. රට තුළ ස්ථිර සාමයක් ගොඩනගමින් ජාතික සමගිය සහ සංහිඳියාව ගොඩනැංවීමට වත්මන් රජය කැපවී කටයුතු කරද්දී අනාගත බලය පිළිබඳ සිහින දකින ඇතැම් අවස්ථාවාදී දේශපාලනඥයින් රට තුළ අසමගිය වැපිරීමට උත්සාහ දරන බව ද මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා එම කුමන්ත‍්‍රණ පරාජය කිරීමට සියලු ශී‍්‍ර ලාංකික ජනතාව ඒකරාශි විය යුතු බව ද කියා සිටියේය.

විරෝදාර රණවිරුවන්ට ජාත්‍යන්තර අධිකරණය වෙත යාමට තිබූ තත්ත්වය වෙනස් කර ලෝකයේ කිසිදු රටකට හෝ ජාත්‍යන්තර සංවිධානයකට ඔවුන්ට අත තැබීමට නොහැකිවන අයුරින් ජාත්‍යන්තරයේ සියලුදෙනාගේ සහයෝගය ලබාගැනීමට වත්මන් රජය කටයුතු කළ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මේ රටේ මාධ්‍යවේදීන් ඝාතනය කරමින් සහ ඔවුන් අතුරුදහන් කරමින් මාධ්‍ය ආයතනවලට ගිනි තැබූ යුගය අවසන් කර සියලු මාධ්‍යවේදින්ගේ ජීවිත ආරක්ෂා කිරීමට මෙන්ම මාධ්‍ය ආයතනවලට අවශ්‍ය පහසුකම් සපයා දීමට කටයුතු කළ වත්මන් රජයම විවේචනය කරමින් රට තුළ ගැටලු ඇති බවට ජනතාවට පෙන්වීමට උත්සාහ කරන ඇතැම් මාධ්‍ය ආයතනවල කි‍්‍රයාකලාපය පිළිබඳ තමා කනගාටුවන බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.

රණවිරුවන් රටට ලබාදුන් නිදහස මෙන්ම රණවිරුවන්ද ආරක්ෂා කිරීමට වත්මන් රජය කටයුතු කරන අතරම රණවිරු සුබසාධනය වෙනුවෙන් රජය කි‍්‍රයාත්මක කළ වැඩපිළිවෙළ යටතේ ඉතා කෙටි කාලයක් තුළ රණවිරු නිවාස ප‍්‍රශ්නය සම්පූර්ණයෙන් විසඳීමට රජයට හැකිවනු ඇති බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad