දිනේෂ් – මහින්ද ජනපති කොමිසමට - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 11, 2017

දිනේෂ් – මහින්ද ජනපති කොමිසමට

පසුගිය රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක්‌ ක්‍රියාත්මක කිරීමේදී සිදුවූ බව කියන රුපියල් මිලියන 3000 ක මූල්‍ය අක්‍රමිකතාව සම්බන්ධයෙන් විමර්ශන පවත්වන බරපතළ වංචා විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතාගෙන් ඊයේ (10 වැනිදා) පැය තුනකට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කර ඇත.

දිනේෂ් ගුණවර්ධන මහතා ඊයේ පෙරවරු 10.00 ට ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටි අතර දහවල් 12.30 පමණ වනතුරු ඒ මහතාගෙන් ප්‍රශ්න කරන ලදී. හිටපු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජනාධිපති කොමිසම වෙත පැමිණි අවස්‌ථාවේ ඒ මහතාත් සමඟ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ද පැමිණ සිටියේය.

පසුගිය රජය සමයේ අම්පාර ප්‍රදේශයේ ජල ව්‍යාපෘතියක්‌ සඳහා රුපියල් මිලියන 6000 ක මුදලක්‌ වෙන්කර තිබූ අතර එම මුදලින් මිලියන 3000 ක අක්‍රමිකතාවක්‌ සිදුවූ බව ජනාධිපති කොමිසම කළ විමර්ශනවලින් හෙළිවිය. මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ ජනාධිපති කොමිසම ජලසම්පාදන මණ්‌ඩලයේ හිටපු සභාපති කරුණාසේන හෙට්‌ටිආරච්චි මහතාගෙන් ද මීට ඉහතදී ප්‍රශ්න කර තිබිණි

No comments:

Post a Comment

Post Bottom Ad