ඩෙංගු වැළදෙන්නේ කොට කලිසම් අඳින සිසුන්ට - අකිලගෙන් අලුත් සොයාගැනීමක් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

ඩෙංගු වැළදෙන්නේ කොට කලිසම් අඳින සිසුන්ට - අකිලගෙන් අලුත් සොයාගැනීමක්

දිවයිනේ වැඩි වශයෙන් ඩෙංගු වැළඳී ඇති පාසල් ළමුන් අතරින් බහුතරය ශිෂ්‍යාවන් හා කොට කලිසම් අඳින ශිෂ්‍යයන් බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පවසා ඇත්තේ පාසල් ජල හා සනීපාරක්ෂක පහසුකම් ලබා දීමේ වැඩසටහන සඳහා මුදල් ප්‍රදානය කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

රටේ ඩෙංගු උවදුර බහුලව පවතින ප්‍රදේශයන්හි තාවකාලික විසඳුමක් ලෙස විධිමත් පාසල් නිල ඇඳුමක් එම සිසුන්ට නිම කර ඇති බව ද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කර ඇති අතර ඒ අනුව අදාළ ප්‍රදේශවල කොට කලිසම් අඳින පිරිමි දරුවන් සඳහා දිග කලිසම් හා ගැහැණු දරුවන් සඳහා විධිමත් ඇඳුමක් යෝජනා කර ඇති බවත් ඒ සඳහා අදාළ චක්‍ර ලේඛනය ඉදිරියේදී පාසල් වෙත යොමු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

No comments:

Post a Comment

Post Bottom Ad