දුෂණ වංචා ගැන පරීක්ෂණ අඩපණ කිරීමේ උත්සහයක්

දුෂණ විරෝධි කාර්යාලය අහෝසි කිරීමෙන් දුෂිතයින්ට එරෙහිව පරීක්ෂණ අඩපණ වන බව දූෂිත විරෝධි හඬ ව්‍යාපාරයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. 

දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය ආරම්භ කර අද වන විට වසර 2ක් ගත වී ඇති බවත් එහි කාලය මාස 6 න් 6ට දිර්ඝ කළ යුතු වන අතර මෙම මස 30 වනදාට එය අහෝසි වන බවද ඔහු පෙරේදා (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව පැවසී ය.

අගමැතිවරයා මේ පිළිබඳ යෝජනාවක් කැබිනට් මණ්ඩලයට ගෙන ඒමට යෝජනා කර ඇති බවත් අවුරුදු 2 ක කාල සීමාව තුළ පැමිණි 1000 ක් පමණ මෙම කාර්යාලයට ලබා දී ඇති බවත් FCID ආයතනය වෙත පැමිණිලි 2500 ක් ලබා දී ඇති බවත් CID පැමිණි 40 ක් ඇති බවත් සමරසිංහ මහතා පැවසීය.

කෙසේ වෙතත් නාමල් හා බැසිල් රාජපක්ෂ මහත්වරුන් ගැන පැමිණිලි ඉදිරිපත් කරනු ලැබුවේ මෙම දුෂණ විරෝධි කාර්යාලය මඟින් බව ද ඔහු මෙහිදී කියා සිටියේය. කෙසේ වෙතත් පවතින තත්ත්වය තුළ දුෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලය වසා දැමීම තුළින් FCID යට වක්‍රාකාරයෙන් පැමිණිලි නොලැබෙන බවත් එය සිදු කර ගැනීම රජයේ උවමනාව බවත් වසන්ත සමරසිංහ මහතා පැවසීය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment