"කොළඹ කුණු නිසා ඩෙංගු වැඩි වෙලා " විදෙස් මාධ්‍ය ලංකාව ගැන කියයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

"කොළඹ කුණු නිසා ඩෙංගු වැඩි වෙලා " විදෙස් මාධ්‍ය ලංකාව ගැන කියයි

ශ්‍රී ලංකාව මෙතෙක් මහජන සෞඛ්‍ය හා සිවිල් සංරක්ෂණය අතින් කලාපයේ ඉදිරියෙන්ම සිටියද අද වන විට එම කිර්තිනාමය අහෝසි වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. දැනටමත් ශ්‍රී ලංකාව තුළ ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමෙන් මිය ගිය ගණන 200කට වැඩි පිරිසක් බවත් ඉන්දියාවේ “The Hindu” වෙබ් අඩවියට වාර්තා කොට තිබේ.

වෛරසය පැතිරී යාම හේතුවෙන් මිනිසුන් විශාල සංඛ්‍යාවක් මිය යන අතරම ගංවතුර තත්වය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවධානමක් ඇති බවත් ඒ හේතුවෙන් පවුල් ගණනාවක් දුකට පත් වී ඇති බවද සඳහන් වේ. අදාළ වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ කොළඹ අගනුවර කුණු ප්‍රශ්නය සීමාව ඉක්මවා ගිය අර්බුධයක් වී ඇති බවත් තත්ත්වයන් පාලනයට බලධාරීන් අසමත් බවත්ය.

ලංකා ජාතික ඩෙංගු මර්දන ඒකකයේ වෛද්‍ය ප්‍රමිලා සමරවීර මහත්මිය “සෞඛ්‍ය සේවකයින් තදින්ම මේ වෛරසය නැති කිරීමට යොමු වි ඇති බව” CNN වෙත පවසා ඇත.

No comments:

Post a Comment

Post Bottom Ad