ගෝඨා අත්අඩංගුවට ගන්න සූදානම් - ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මහින්ද කියලා - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Friday, July 7, 2017

ගෝඨා අත්අඩංගුවට ගන්න සූදානම් - ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මහින්ද කියලා

තමාව අත්අඩංගුවට ගන්නා බවට අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කර ඇතයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. මල්වතු අස්ගිරි මහා නායකවරුන් බහ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළේය.

එලෙස අත්අඩංගුවට ගන්නේ නම් ඒ සාධාරණ ක්‍රියාවලියක් නොවන බවත් තමාට සිදුවන අසාධාරණ සම්බන්ධයෙන් මහා නා හිමිවරුන් දැනුවත් කළ බවත් ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කළේය.
එහිදී වඩිදුරත්ත් අදහස් දක්වමින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ අදහස් දැක්වීය. “මම දළඳා හාමුදුරුවෝ වැදගන්න ආවා.ආපු හැම අවස්ථාවේම නායක හාමුදුරුවනුත් බැහැ දකිනවා.මම සාමාන්‍යයෙන් දේශපාලනය හාමුදුරුවොත් එක්ක කතා කරන්නේ නැහැ.

නමුත් මට වෙන අසාධාරණය ඒවත් හාමුදුරුවොන්ට කියන්න එපැයි.දැන් ඊයේ මං දැක්කා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ මන්ත්‍රීවරුන් කණ්ඩායමකට අපේ මේ මහින්ද අමරවීර ඇමතිතුමා කියලා තියෙනවා මාව මාසෙකින් අත්අඩංගුවට ගන්නවා කියලා.ඉතින් මේක නෙවෙයිනේ සාධාරණය.මහින්ද අමරවීර ඇමතිතුමා නම් නඩු අහන්නේ,තීන්දු දෙන්නේ,පරීක්ෂණ පවත්වන්නේ එහෙමනම් එතන ස්වාධීනත්වයක් නැහැනේ.සාධාරණයක් නැහැනේ.රාජපක්ෂලා කියන්නේ මේ රට හොරකම් කරපු මිනිස්සු නෙවෙයි.

රාජපක්ෂලා කියන්නේ අවසානයේදී මේ රට බේර ගත්ත මිනිස්සු.ජීවිතය පරදුවට තියලා ඒ කාරණය කළා.මං දන්නේ නෑ මහින්ද අමරවීර ඇමතිතුමා මොනවද එහෙම කරලා තියෙන්නේ කියලා.අපි දන්නවා අපේ පළාතේ හිටපු කෙනෙක්නෙ.ඇමතිතුමා හිටපු හැටිත් දන්නවා දැන් ඉන්න හැටිත් දන්නවා.එතකොට ඒගොල්ලන්ගේ හදවතට කතා කළා නම් කියයි කවුද දුෂණය කරලා තියෙන්නේ කියලා.”

No comments:

Post a Comment

Post Bottom Ad