ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාගෙන් පොලිස් ලොක්කන්ට තර්ජන - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 18, 2017

ඉන්දියාවේ සිටින අංගොඩ ලොක්කාගෙන් පොලිස් ලොක්කන්ට තර්ජන

ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ලබාගන්නා සිය ගෝලයන් අත්අඩංගුවට නොගන්නැයි පාතාල නායක අංගොඩ ලොක්කා නමැති පුද්ගලයා ඉන්දියාවේ බන්ධනාගාරයක සිට මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දුරකතනය ඔස්සේ තර්ජනය කර ඇතැයි වාර්තා වනවා.

පොලිස් ආරංචිමාර්ග පැවසුවේ අංගොඩ උඩුමුල්ල ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයකට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය විමර්ශන සිදුකරන බවයි. අදාළ ව්‍යාපාරිකයාගෙන් පාතාල සාමාජිකයන් කප්පම්ද ඉල්ලා තිබෙනවා.  එලෙස කප්පම් ඉල්ලීම  සඳහා ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සඳහා ඇමතුම් ලබාගෙන ඇත්තේ එකම දුරකතන අංකයකින් බවයි විමර්ශනවලදී අනාවරණ වි තිබෙන්නේ.

කප්පම් ලෙස ව්‍යාපාරිකයන්ගෙන් ලබාගන්නා මුදල් දුප්පතුන්ට බෙදා දෙන බවත් එම නිසා ඊට බාධා නොකරන ලෙසත් අංගොඩ ලොක්කා මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපතිවරයාට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

No comments:

Post a Comment

Post Bottom Ad