එවින් ලුවිස්ගේ හයේ වැස්ස ඉන්දියාවේ බලාපොරොත්තු සුන් කරයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

එවින් ලුවිස්ගේ හයේ වැස්ස ඉන්දියාවේ බලාපොරොත්තු සුන් කරයි

එවින් ලුවිස්ගේ විශිෂ්ට ශතක හමුවේ සබීනා පාර්ක් ක‍්‍රීඩාංගනයේ සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැති පළමු හා එකම විස්සයි විස්ස තරගයෙන් කඩුලු 09ක විශිෂ්ට ජයක් ලැබීමට බටහිර ඉන්දීය කොදෙව්වන් ඊයේ (09) සමත්විය. ජයග‍්‍රහණය සදහා ලකුණු 191ක දැවැන්ත ඉලක්කයක් හඹා ගිය බටහිර ඉන්දීය කොදෙව්වන් ඔ්වර කදී එක් කඩුල්ලක් දැවී ජයග‍්‍රහණය සම්පුර්ණ කළේය. 

එවින් ලුවිස් හා මාලර්න් සැමුවෙල්ස් එක්ව දෙවැනි කඩුල්ල සදහා වේගවත් ලකුණු 112ක නොබිදුණු සම්බන්ධතාවයක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන යාමට සමත් විය. සිය දෙවන විස්සයි විස්ස ශතකය හිමිකරගත් එවින් ලුවිස් පන්දු 62කදී වේගවත් ලකුණු 125ක් රැස්කර ගැනීමට සමත්වුයේ දැවැන්ත හයේ පහර 12ක් හා හතරේ පහර6 ක් සමගින්.බටහිර ඉන්දීය කොදෙව් ක‍්‍රීඩකයකු ලබාගත් ඉහළම විස්සයි විස්ස ලකුණු ලෙසද එය වාර්තා පොත් අතරට එක්වුවා.

මීට පෙර එම වාර්තාවට හිමිකම් කියුවේ සුපිරි පිතිකරු ක‍්‍රිස් ගේල්(117 vs SA). ලුවිස්ට අනගි සහයක් ලබාදුන් සැමුවෙල් පන්දු 29කදී ලකුණු 36ක් ලබා ගැනීමට සමත් විය.



No comments:

Post a Comment

Post Bottom Ad