ශ්‍රී ලංකාවට ළඟම ඉන්දියාවේදී හිම බලන්න පුළුවන් මෙන්න මෙහෙම - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ශ්‍රී ලංකාවට ළඟම ඉන්දියාවේදී හිම බලන්න පුළුවන් මෙන්න මෙහෙම

සජීවී සත්‍ය 'හිම' සියැසින් දකින්නට ලැබීම බොහෝ දෙනෙකුගේ සිහිනයක්. හුදෙක් සංචාරය සහ වන්දනා සඳහා විදෙස්ගත වන ශ්‍රී ලාංකිකයන් බොහෝ දෙනෙක් ඉන්දියාව හෝ අගිනිදිග ආසියානු රටවල් තෝරා ගන්නා බවයි සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ. ඉන්  අගිනිදිග ආසියානු රටවලදී ශ්‍රී ලාංකිකයන්ට එම අත්දැකීම ලබන්නට පුළුවන් අවස්ථා ඉතා අඩුයි. ඒත් අසල්වැසි ඉන්දියාවෙ නම් හිම වැටෙන ප්‍රදේශ සහ කාල තිබෙනවා.

නමුත් ලාංකිකයන් බොහෝ දෙනෙක් සංචාරය කරන චෙන්නායි , මදුරාසි , මුම්බායි හෝ ගයා ( බුද්ධගයා) වලදී සීතල අත්දැකීම් නම් ඕනෑතරම් ඇති. හිම වැටෙන ඉන්දියාවේ ප්‍රදේශවලට සංචාරය කරද්දී සාමාන්‍ය ගුවන් ගමනකට වඩා වැඩි වියදමක් නම් ඔබට වැය වෙනවා. නමුත් ඒ ගමන කල්තියා සුදානම් කර ගත්තොත් ඔබට ඉන්දියාවේ හිම වැටෙන ප්‍රදේශවල සංචාරය කරන්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඔබ ලාබදායී ගුවන් ටිකට් පතකින් ඉස්සෙල්ලම ඉන්දියාවට ගිහින් එතැන් සිට අපි මේ කියන්න හදන ප්‍රදේශයකට සංචාරය කරන්න ඔබට පුළුවන්.


කෙනෙකුට හිතෙන්න පුළුවන් ගුවන් ගමන් දෙකටම යන මුදල එකට එතතු කලාම ප්‍රංශයට, එංගලන්තයට, ජර්මනියට හෝ ඉතාලියට ටිකට් එකක් අරන් ගිහින් සුද්දන්ගෙම හිම බලල එනව කියල. නමුත් යුරෝපයට යෑමේදී ඔබ වීසා ගැනීමේ දැවැන්ත ක්‍රියාවලියකට මුහුණ දිය යුතුයි. ඒ වගේම ඉන්දියාවේදී හොඳම හෝටලයක දවස් තුනක් ඉන්න යන මුදලකින් ඔබට යුරෝපයේ පොඩි තට්ටු ඇඳන් ඇති බෝඩිමක් පොදු නාන කාමර සහිත තැනක ඉන්න පුළුවන් වෙන්නේ දවසක් විතරයි.
යුරෝපයේ ඉඳුම් හිටුම් ටිකක් ගණන්.


කොහොමහරි අසල්වැසිකමට තවමත් ඉන්දියාව කරදරයක් නැතුව අපට වීසා ලබා දෙනවා. මෙන්න හොඳම තැන් පිංතුරත් එක්කම බලන්න..තවත් දෙයක් මේ 'හිම' ලස්සන බලන්න ඔබ යා යුත්තේ වසරේ දෙසැම්බර් මාසයේ 15 ඉඳන් ජනවාරි 30 දක්වා කාලයේයි.


01. ඖලි -Auli, Uttarakhand -
 
නවදිල්ලියේ සිට කිලෝමීටර් 500ක් ඉහළට වන්නට හිමාලය මායිම තමයි ඖලි කියන්නේ. දිල්ලියේ ඉඳල ළගින්ම හිම බලන්න ඕනෑ නම් .Auli වලින් පටන්ගන්න පුළුවන්.




02. ගුල්මා -Gulmarg, Jammu and Kashmir -
 
ගුල්මා පිහිටා තිබෙන්නේ ජම්මු හා කාශ්මීර් කොටසේ. ටිකක් දේශසීමාව නිසා බොහෝ අය යන්න අදිමදි කරාවි .එත් සංචාරකයන්ගෙන් නම් තියෙන්නේ ඉතා ඉහළ ආකර්ශනයක්. දිල්ලි වල ඉඳන් කිලෝමීටර් 900ක් දුරින් තමයි ජම්මු හා කාශ්මීර් තියෙන්නේ.





03. කුෆී- Kufri, Himachal Pradesh -

කුෆී , තවත් හිම වැටෙන ප්‍රදේශයක්.
දිල්ලි වල ඉඳන් කිලෝමීටර් 400 ක් විතර තියෙන්නේ.
එත් ඖලි වල තරම්ම හිම ගොඩක් කාලයක් මෙහි රැඳෙන්නේ නෑ..





04.  මන්ශ්‍රියරි -Munsiyari, Uttarkhand -
උත්තර් ප්‍රදේශ් වලම තමයි මන්ශ්‍රියරි තියෙන්නේ. ඒ වගේම චීන දේශ සීමාවට ආසන්නයි. බැක් පැක් සංචාරකයෝ දෙදෙනෙකුට නම් සුපිරි ගමනක්..





05. පහල්ග්ම්- Pahalgam, Jammu and Kashmir -
 
පස්වැන්න පහල්ග්ම්. ජම්මු කාශ්මීර් දේශසිමාවේම තමයි පිහිටා තිබෙන්නේ. පකිස්ථාන දේශසීමාවට අයත් ජම්මු කොටසට නොයන සංචාරකයන්ට පහල්ග්ම් හොඳ නවාතැම්පොලක්.





හොඳයි අපි මේ කිව්වේ හොඳටම - වැඩිපුරම 'හිම' බලන්න පුළුවන් ඉන්දියාවේ තියෙන ප්‍රධානම ස්ථාන 5 ගැනයි. ඔබ මේ වගේ ගමනකට සුදානම් වෙනවා නම් මාස කිහිපයකට කලින් එය සැලසුම් කරන්න. ඒ වගේම ඉන්දියාවේදීත් විශ්වාසවන්ත මග පෙන්වන්නෙකුගේ උපකාර ලබා ගන්න. අපි කිව්ව මේ  ස්ථාන වලට අමතරව - ඌටි, ලක්නව්, ගොආ වැනි ප්‍රදේශ වලත් වසරේ සමහර කාල වල 'හිම' දකින්න පුළුවන්.

No comments:

Post a Comment

Post Bottom Ad