ආණ්ඩුවේ මන්ත්‍රීන්ට ඒකාබද්ධයෙන් ලොකු ලංසුවක්

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට මුදල් ලබා දී ඒකාබද්ධ විපක්ෂයට එක් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙකුට රුපියල් මිලියන 50ක මුදලක් ලබා දී ඒකාබද්ධ විපක්ෂයට ගැනීමට පසුගිය ආණ්ඩුවේ හිටපු ප්‍රබල ඇමැතිවරයෙකු මේවන විට සාකච්ඡා කරමින් පවතින බව එම ආරංචි මාර්ග සදහන් කරයි.

එහිදී ආණ්ඩු පක්ෂයේ සිටින ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් ඉහල මුදලක් ලබාදීමට කැමැත්ත පළ කර ඇති එම හිටපු ඇමැතිවරයා එජාප මන්ත්‍රීවරුන් සමගද සාකච්ඡා කර ඇත. වාර්තා වන අන්දමට ආණ්ඩු පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එම ඉදිරිපත් කර ඇති මුදල ප්‍රමාණවත් නොවන බව පවසා ඇති අතර ඉහල වටිනාකමක් ඉදිරිපත් කර හෝ එම මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයට ගැනීමට මේවන විට සාකච්ඡා අරඹා ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment