කටාර් අතහැර නැගෙනහිර ලොකු පුටුව ගන්න ආ ASP අවුලක

දැනට කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ධූරය දරන ඉඩකඩම් ව්‍යාපාරික ASP ලියනගේ මහතාට නැගෙනහිර ආණ්ඩුකාරය පිරිනැමීමට නියමිත බවට පසුගිය කාලයේ ප්‍රචාරයක් පැවතී තිබෙන අතර එම ධූරය දැරූ ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනපති ලේකම් ධූරයේ වැඩභාරගැනීම නිසා ඇතිවූ පුරප්පාඩුවට අනුව එම තනතුර තමාට හිමිවේ යයි ASP ලියනගේ බලාපොරොත්තු තබා තිබේ.

මේ නිසා ඔහු කටාර් සිට විශේෂ ගුවන් යානයකින් ඊයේ ලංකාවට පැමිණ ඇත්තේ අලුත් තනතුර ගන්නටය. නමුත් අනපේක්ෂිත ලෙස අද නැගෙනහිර ආණ්ඩු කාර ධූරයට රෝහිත බොගොල්ලාගම මහතා පතිකිරීම නිසා ASP ලියනගේ අතරමංව ඇත. ඒ නිසා තමන්ට නොලැබුණ තනතුර ගැන කලකිරීම ප්‍රකාශ කරන්නට ඔුහට අයත් පීකොක් මන්දිරයේදී හෙට ඔහු විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වන බවද වාර්තාවේ.

පසුගිය රජය සමයේ මහින්ද හිතවාදියෙකුවූ ASP ලියනගේ මහතා පසුගියදා ගාල්ලේ පැවති මෛත්‍රිෙග් රැළියකට එක්වෙමින් මහින්ද පිලෙන් මෛත්‍රී පිලට එක්වූ අතර පසුව කටාර් තානාපති ලෙස පත්වීම ලබා විදෙස් ගත විය.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment