ක්‍රීඩකයන් 8යි – ඕවරයට පන්දු 5යි – අවසන් ක්‍රීඩකයා තනිව බැට් කරයි – ක්‍රිකට් අලුත් වෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

ක්‍රීඩකයන් 8යි – ඕවරයට පන්දු 5යි – අවසන් ක්‍රීඩකයා තනිව බැට් කරයි – ක්‍රිකට් අලුත් වෙයි

ලාස්ට් මෑන් ලෝක කුසාලන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කණ්ඩායම තේාරා ගැනීම සදහා වන තේරීම් කි‍්‍රකට් තරගාවලිය ලබන අගෝස්තු මස 20 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර තිබේ. ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් යනු එක් කණ්ඩායමකට කී‍්‍රඩකයන් 8දෙනකු පමණක් සහභාගි වන නව ආරක විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලියකි. 

එක් පන්දු වාරයක් පන්දු පහකට සීමා කර ඇති අතර තරග සදහා ලබාදී ඇත්තේ පැය 2ක කාලයක් පමණි. අවසන් කී‍්‍රඩකයාට තනිව පන්දුවට පහර දිය හැකි වීම මෙම තරග රටාවේ සුවිශේෂීයත්වය වේ. ලාස්ට් මෑන් ස්ටෑන්ඩ් ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලිය ලබන දෙසැම්බර් මස 09 වැනිදා සිට 15 වැනිදා දක්වා දකුණු අපි‍්‍රකාවේ කේප්ටවුන්හිදී පැවැත්වීමට නියමිත අතර තේරීම් තරගාවලිය සදහා අයැදුම්පත් භාර ගැනීම ජූලි මස 10 වැනිදායින් අවසන් වේ. 

මේ පිළිබද වැඩි විස්තර www.lastmanstands.com වෙබ් අඩවිය ඔස්සේ ලබා ගත හැකිය.

No comments:

Post a Comment

Post Bottom Ad