7ක් ඇවිත් තරුණියක් පැහැරගනී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

7ක් ඇවිත් තරුණියක් පැහැරගනී

කැකිරාව, තවලම් හල්මිල්ලෑව ප්‍රදේශයේ ඒ 09 මාර්ගය අසළ දී  වෑන් රථයකින් පැමිණි පිරිසක් 23 හැවිරිදි තරුණියක් පැහැරගෙන යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ දී අදාල පැහැර ගැනීම සිදුව ඇති අතර ඒ පිළිබඳ කැකිරාව පොලිසියට ලද තොරතුරකට අනුව අදාල වැටලීම සිදු කර ඇති බව සඳහන්. සැකකරුවන් සතුව තිබී විදේශ රටක නිෂ්පාදනය කරන ලද පිස්තෝලයකට සමාන ප්ලාස්ටික් පිස්තෝලයක් ද සොයා ගෙන තිබෙනවා. ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී ඇත්තේ අදාල තරුණිය අත්අඩංගුවට ගත් එක් සැකකරුවෙකු සමග දිගු කලක සිට ප්‍රේම සබඳතාවක් පවත්වා ඇති බවටයි.


ඔහු පලාලි යුද හමුදා වෛද්‍ය බලකායේ  සේවය කරන අයෙකු බව සඳහන්. අත්අඩංගුවට ගත් සැකකරුවන් මැදිරිගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් කැකිරාව මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

No comments:

Post a Comment

Post Bottom Ad