ලක්ෂ 700 ක් වළලන්න ක්‍රිකට් බළධාරීහු සැරසෙති - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

ලක්ෂ 700 ක් වළලන්න ක්‍රිකට් බළධාරීහු සැරසෙති

ක්‍රිකට් පරිපාලනය තුළ මුල්‍ය අර්බුද රාශියක් පැන නැඟී තිබෙන වටපිටාවාදී එළැඹෙන ඉන්දීය කණ්ඩායමේ සිර ලංකා තරඟ සංචාරයේදී තෝරාගත් ක්‍රීඩාංගන කිහිපයක ස්වයාක්‍රීය ප්‍රවේශ මාර්ගයක් ඔස්සේ තරග නරඹන්නන් ක්‍රීඩාන්ගනයට ඇතුළත් කරවීමේ යන්ත්‍ර පද්ධතියක් (Automation of Gate Entry and Spectator Managemanet System) පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 700 ක මුදලක් නිකරුණේ වියදම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීහු සූදානම්ව සිටිති. 

මේ සඳහා වන යෝජනාවට විධායක කමිටු අනුමැතියද ලැබී තිබෙන අතර ඒ සඳහා වැන් ටෙන්ඩර් කැඳවීමද මේ වන විටත් ආරම්භ කර ඇත. කෙසේ වෙතත් ඉකුත් 2016 වසරේ පැවති ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ සිට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර තරඟවලට ප්‍රවේශ පත්‍ර මුද්‍රණය සහ අලෙවිය ඉන්දීය සමාගමක් වන බුක් මයි ෂෝ සමාගමට පැවරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරන ලදුව එම අදියරයේම දෙවැනි පියවර ලෙස මෙම ස්වයංක්‍රීය ප්‍රවේශ පත්‍ර පද්ධතිය සවිකිරීම සඳහන් වේ.

මෙරට ජාත්‍යන්තර තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන අතුරින් වැඩිම තදබදයක් පවතිනු ලබන කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ මෙය ප්‍රථමයෙන් ස්ථාපනය කිරීමට බලාපොරොත්තුවන ක්‍රිකට් බලධාරීන් ප්‍රේක්ෂකයන් ඇතුළුවීමේදී වැඩිම තදබදයක් පවතින ක්‍රීඩාංගනවල අනුපිලිවෙල අනුව ඉදිරියේදී එම පද්ධතිය සවිකිරීමට බලාපොරොත්තුවෙන් පසුවෙයි. මේ පිළිබඳව අදහස් දක්වා සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉහළ පෙළේ බලධාරියෙකු සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුවත් සමඟ ක්‍රීඩාංගනවල යටිතල පහසුකම්ද නවීන තාක්ෂණයට අනුව හැඩගැසීය යුතුවීම අරමුණු කොට මෙම ස්වයංක්‍රිය ප්‍රවේශපත්‍ර පද්ධතියේ සහය ලබා ගැනීම තීරණය කළ බව සඳහන් කර සිටියේය.

“අපි දන්නවා දැනට අවශ්‍යතාවය පවතින්නේ වැටිලා තියෙන ක්‍රිකට් ක්‍රීඩාව නඟාසිටුවීම වන බව. එත් මේ වැඩසටහන මීට ගොඩක් කලින් තීරණය කරපු දෙයක්. කාලයක් යනකොට මේ දේවලුත් දියුණු වෙන්න ඕනෑ කියන තැන අපි ඉන්නවා.” යැයි එම උසස් බලධාරියා සඳහන් කර සිටියේය. ශ්‍රී ලංකාවේ තරඟ පැවැත්වීමේදී ප්‍රවේශ පත්‍ර අලෙවියෙන් එතරම් මුදලක් උපයා ගැනීමේ හැකියාව නොමැති තත්ත්වයකදී මෙතරම් මුදලක් වැය කොට අදාල පද්ධතිය පිහිටුවීමේ ඇති ඵලය කුමක්ද යන්න විධායක කමිටුවේ ඇතැම් සකජිකයින් ප්‍රශ්න කර සිටින බවද සඳහන් වේ.


සිය දේශපාලන ප්‍රචාරණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යොදා ගනු ලබන්නේ යැයි චෝදනා එල්ල වන ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාලට එරෙහිව යාම ඵල රහිත ක්‍රියාවක් බවට වටහාගෙන සිටින එම කමිටුවේ සාමාජිකයින්ට සභාපතිවරයාගේ තීරණ අනුමත කිරීම හැර වෙනත් තීරණයකට යාමේ හැකියාවක් නොමැතිවීම මෙවන් අත්‍යවශ්‍ය නොවන ව්‍යාපෘතිවලට මුදල් වෙන්වීමට මූලික වී තිබෙන බව පැවසේ. කෙසේ වෙතත් ක්‍රිකට් සභාපතිවරයා ඇතුළු විධායක කමිටුව මෑත කාලයේදී ගනු ලැබූ ඇතැම් තීරණ නිසා ක්‍රිකට් ආයතනයේ මුදල් නිකරුණේ නාස්තිවන බවට බොහෝ දෙනාගේ විවේචන එල්ල වෙමින් පවතියි.

(ජනයුගය – 2017.07.05)

No comments:

Post a Comment

Post Bottom Ad