රුපියල් 6,000යි – පැය 4යි – පෙම්වතිය පොලිස් අත්අඩංගුවට පෙම්වතා මාරුවෙයි - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 6, 2017

රුපියල් 6,000යි – පැය 4යි – පෙම්වතිය පොලිස් අත්අඩංගුවට පෙම්වතා මාරුවෙයි

අනුරාධපුර නගරයේ පිහිටි රූපලාවණ්‍ය ආයතනයකට ගොස් දහඅට හැවිරිදි පෙම්වතිය කොණ්ඩය සකසා ගනිද්දි ඊට අවශ්‍ය රුපියල් 6000ක මුදල බැංකුවෙන් රැගෙන එන්නම් යැයි කියා ඇය ආයතනය තුළ දමා පලා ගිය පෙම්වතා නිසා අසරණ වූ දහඅට හැවිරිදි තරුණියක් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරීන් ආරක්ෂාව සදහා පෙරේදා (4දා) සවස පොලිස් භාරයට ගෙන තිබේ.

ගම්පහ වැලිවේරිය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණිය පොලිස් භාරයට ගෙන තිබූ අතර ඇය පොලිස් භාරයේ සිටින බව මවුපියන්ට දැන්වීමට පොලීසිය පියවර ගෙන තිබිණි. තරුණිය පොලීසියට කළ අනාවරණයට අනුව ඇය ආයතනයේ දමා පලා ගිය 22 හැවිරිදි පෙම්වතා කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවන වන අතර මීට මාස හතරකට පමණ ඉහතදී ඔවුන් පෙම් සබදතාව ආරම්භ කර තිබේ.

මීට දින කිහිපයකට ඉහතදී පෙම්වතාගේ නැගණිය විස ඇට වර්ගයක් ආහාරයට ගෙන මියයෑම නිසා ඇයගේ අවමගුල් උත්සවයට සහභාගිවීමට තරුණිය කුරුණෑගල පිහිටි පෙම්වතාගේ නිවෙසට පැමිණ තිබෙන අතර එම වැඩකටයුතු අවසන්වීමෙන් පසුව ඔවුන් දෙදෙනා අනුරාධපුර අටමස්ථානය වැදපුදා ගැනීමට දින තුනකට පමණ ඉහතදී පැමිණ ඇති බවක් පොලීසිය අනාවරණය කරගෙන තිබිණි. තරුණයාගේ මවුපියන් තරුණියට විවාහයට කැමැත්ත පළ කර තිබුණත් තරුණියගේ මවුපියන් තරුණයා පිළිබද කිසිවක් නොදන්නා බව ඇය පොලිස් නිලධාරීන් හමුවේ පවසා තිබේ. 


කොණ්ඩය සකසා අවසන් වී පැය හතරක කාලයක් පෙම්වතා මුදල් රැගෙන එනතුරු තරුණිය ආයතනයට වී බලා සිටියත් ඔහු නොපැමිණීම නිසා රූපලාවණ්‍ය ආයතනයේ හිමිකාරිය පෙම්වතා පලා ගොස් ඇති බව වටහාගෙන තරුණියව අනුරාධපුර පොලිස් ස්ථානයට භාරදීමට කටයුතු කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad