පොලිස්‌ භටයන් 600ක්‌ ඝාතනය වූ මරණයේ තැන්නේ රහස්‌ හෙළිවෙයි (PHOTO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

පොලිස්‌ භටයන් 600ක්‌ ඝාතනය වූ මරණයේ තැන්නේ රහස්‌ හෙළිවෙයි (PHOTO)

මෙයට වසර 21 කට පෙර මෙරට සිදුවූ අතිබිහිසුණු මිනිස්‌ සංහාරයක්‌ හෙළිවනු ඇතැයි දේශපාලනඥයන් මෙන් ආරක්‍ෂක අංශ සහ බුද්ධි සේවා පවා බලාපොරොත්තු වූයේ නැත. එහෙත් 1990 ජුනි 11 දා කොටි ත්‍රස්‌තවාදීන් නැගෙනහිර පොලිස්‌ ස්‌ථාන රැසක සිටි පොලිස්‌ නිලධාරීන් හා භටයන් 600 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගෙන සමූල ඝාතනය කිරීමේ බිහිසුණු සිද්ධියේ සුලමුල දැන් අනාවරණය වී ඇත.

මේ හෙලිදරව්ව කරන්නේ මෙරට රැදි සිටින ශ්‍රී ලාංකිකයෙක්‌ නොව ඊශ්‍රායලයේ පදිංචි හිටපු විශේෂ කාර්ය බලකායේ නිලධාරියකුවූ ජනිත් විමලය. ජනිත් විමල මේ තොරතුරු හෙලිදරව්කරන තුරු ශ්‍රී ලංකාවේ පොලිසිය හා රහස්‌ පොලිසියට එම සමූල ඝාතනයේ තොරතුරු අනාවරණය කරගැනීමට නොහැකිවිය. කල්මුනේ, අක්‌කරපත්තුව, සමන්තුරේ, පොතුවිල්, එරාවුර් සහ කලවංචිකුඩි පොලිස්‌ ස්‌ථානවල සිටි පොලිස්‌ භටයන්ට එදා ප්‍රේමදාස රජයේ නියෝග මත කොටින්ට යටත්වීමට සිදුවිය. මේ යටත්වූ පොලිස්‌ භටයන්ට සිදුවූයේ කුමක්‌දැයි රජය නිරීක්‍ෂණය කළේ නැත.

එහෙත් ජුනි 11 දා පොලිස්‌ භටයන් පැහැර ගැනීමේ සිද්ධියෙන් සතියකට පසු ජනිත් විමල ප්‍රමුඛ විශේෂ කාර්ය බළකායේ භට පිරිසක්‌ නැගෙනහිර පිහිටි රූපස්‌කුලම් වනයට පිවිසියහ. එහිදී ඔවුන්ට දැක ගැනීමට හැකිවූයේ අති බිහිසුණු දර්ශනයකි. ඒ විශාල වළක වළ දමා තිබූ සිරුරු රැසකි. සතියක්‌ ඉකුත්වීම නිසා මළ සිරුරුවල අත් ඉදිමී වලෙන් උඩට මතුවී තිබුණි. මේ සිරුරු පැහැරගෙන යන ලද පොලිස්‌ භටයන්ගේ සිරුරු බව විශේෂ කාර්ය බළකායේ භට පිරිසට අවබෝධ වූහ.

“අපි කිසිම මෙහෙයුමකදී අඬුවේ නැහැ. එහෙත් මේ විශාල වළේ තිබූ සිරුරු දුටුවම අපට ඇඬුනා. අපි මේ ගැන ඉහල බලධාරියකුට දැන්වූවිට ආපසු කඳවුරට එනලෙස නියෝග කළා. මේ මළ සිරුරු තිබූ ළඟ තිබූ හැඳුනුම්පතක්‌ මාදුටුවා. එය උප පොලිස්‌ පරීක්‍ෂක ගමගේට අයත් පොලිස්‌ හැඳුනුම්පතයි යයි ජනිත් විමල ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී ඉරිදා දිවයින සමඟ සාකච්ඡාවකට එක්‌වෙමින් හෙළිකළේය.

අපි පසුව විශේෂ කාර්ය බළකා කඳවුරට පැමිණ මේ බිහිසුණු දර්ශනය උසස්‌ නිලධාරීන්ට දන්වා සිටියා. දවස්‌ කීපයකට පසු අපට තවත් තොරතුරක්‌ ලැබුනා. ඒ අම්පාර ප්‍රදේශයේ සිට බැකෝ යන්ත්‍රයක්‌ ගෙනවුත් එම සිරුරු මතුවූ සමූහ මිනිස්‌වල පස්‌වලින් වසා දැමූ බවයි. එදා අපි මේ තොරතුරු කිසිදු ලෙසකින් හෙළිකළේ නැහැ. අපි මේ බව හෙළිකළා නම් ජීවතුන් අතර නැහැ යයි ජනිත් විමල වැඩිදුරටත් අනාවරණය කළේය.

මේ හිටපු විශේෂ කාර්ය බළකා භටයාගේ හෙදිදරව්වෙන් තහවුරුවුනේ එදා රජය කොටින් ඝාතනය කළ පොලිස්‌ භටයන්ගේ සිරුරු ගොඩගැනීමට ක්‍රියාකර ඔවුන්ගේ ඥතීන්ට බාරදීමට ක්‍රියානොකළ බවයි. රූපස්‌කුලම් වනයේ තිබී පොලිස්‌ භටයන්ගේ සිරුරු අපේ කණ්‌ඩායම මුලින්ම සොයාගත් බව එදා විශේෂ කාර්ය බළකායේ කිසිවකු දේශපාලනඥයන්ට හෙළිකළේ නැහැ යයි හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය. පොලිස්‌ භටයන් 600 ක්‌ සංහාරය කිරීමේ සිද්ධිය ජුනි 15 දා ජනිල් විමල මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමේදී ඔහු මුල්වරට අනාවරණය කළේය.

එම ඝාතනය සිදුකළේ නැගෙනහිර කොටි හමුදා නායකයා වූ විනයගමූර්ති කරුණායි. ඔහු ඊට වගකිවයුතුයි යයි කොටි ඩයස්‌පෝරාවේ ප්‍රධානියකුවූ ඉන්දියාවේ පොල් නිව්මන් චෝදනා කළේය. එහෙත් ජනිත් විමල පවසන්නේ ඊට චාල්ස්‌ ඇන්තනි බළකායේ හිටපු නායක නගුලන්ද සම්බන්ධ බවයි. නගුලන් තමාව හමුදාව මරාදැමූ බවට සාවද්‍ය පුවත් කොටි වෙබ් අඩවි වලද පළකරගනු ලැබීය. එහෙත් 2016 අප්‍රේල් 26 දා ත්‍රස්‌ත මර්දන නිලධාරීන් යාපනයේ නිර්ෙච්ලි වෙත ගොස්‌ සිවමුර්ති කනපනිවිල්ලේ හෙවත් නගුලන් අත්අඩංගුවට ගනු ලැබීය. නගුලන් අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස්‌ භටයන් ඝාතනයට නොව උතුරේ සිදුවීම් සම්බන්ධයෙනි.

2016 අප්‍රේල් සිට අද වනතුරු ත්‍රස්‌ත මර්දන බලධාරීන් නගුලන්ගෙන් පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සිද්ධිය ගැන ප්‍රශ්න කර ඔහුට අධිකරණය වෙත ඉදිරිපත් නොකර තිබුණි. නැගෙනහිරදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සිද්ධිය 1990 සිට 2017 දක්‌වා පැවැති කිසිම ආණ්‌ඩුවක්‌ මානව හිමිකම් බලධාරීන්ගේ අවධානයට යොමුකර නොතිබුණි. එහෙත් වසර 27 කට පෙර සිදුවූ එම ම්ලෙච්ඡ සංහාරය ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සමාන්තර රැස්‌වීමේදී ජනිත්විමල හෙලිකරද්දී කොටි ඩයස්‌පෝරාවට සම්බන්ධ ඩේවිඩ් වෙහෙලි නැමැත්තාට කට උත්තර නැතිවිය. 

ඊට හේතුවූයේ කලින් පැවැති මහින්ද රාජපක්‍ෂ රජයේ විදේශ විදේශ කටයුතු අමාත්‍යාංශය බලධාරීන් එම සංහාරයේ තොරතුරු මානව හිමිකම් බලධාරීන්ට ඉදිරිපත් නොකිරීමයි. මේ පසුබිම මැද ජනිත් විමල වසර 27 කට පෙර සිදුවූ පොලිස්‌ භටයන් ඝාතනය කිරීමේ සිද්ධිය ඔහු හෙළිකළේ තවදුරටත් අභිරහස්‌ වසන් කිරීමට නොහැකිවූ නිසාය. ශ්‍රී ලංකා හමුදාව ජාති සංහාරයක්‌ කළ බවට ඩයස්‌පෝරා ක්‍රියාකාරීන් උදේ සිට සවස්‌ වනතුරු මානව හිමිකම් කවුන්සිලයේදී චෝදනා කරනවා. මෙය බලාගෙන සිටින්නට මට හැකිවූයේ නැහැ. ඒ නිසා වසන්කර තිබූ පොලිස්‌ භටයන් ඝාතනය මා හෙළිකළා යයි ජනිත් විමල කීවේය.

පොලිස්‌ භටයන් ඝාතනය ගැන රහස්‌ පොලිසිය සාමාන්‍ය පරීක්‍ෂණයක්‌ පැවැත්වූවත් කොටි ත්‍රස්‌තවාදීන්ට හමුවේ යටත්වන ලෙස නියෝග කළේ කවුදැයි විමර්ශනය කළේ නැත. එහෙත් 2012 වසරේදී පොලිස්‌ භටයන් 600 ක්‌ ඝාතනය වීමේ සිද්ධිය යලි මතුවිය. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස්‌ නිලධාරීන් 18 කගෙන් යුත් පිරිසක්‌ 2012 පෙබරවාරි 8 දා පොලිස්‌පති කලින් ඉලංගකෝන් වෙතින් ඉල්ලීමක්‌ කරමින් එම අතීත සිද්ධිය ගැන පරීක්‍ෂණයක්‌ කරන ලෙස පැවසුවත් ඉල්ලීම ඉටුවූයේ නැත. කොටි සංවිධානය ඝාතනය කළ පොලිස්‌ භටයන් වෙනුවෙන් තිරුක්‌කෝවිල් ප්‍රදේශයේ ස්‌මාරකයක්‌ ඉදිකරන ලෙසද ඉල්ලීමක්‌ යොමුවූවත් එයද යටපත් විය.

එහෙත් නැගෙනහිර කොටි හිතවාදීහු මඩකලපුවේ තාරවි ප්‍රදේශයේ වල්බිහිවී ගිය කොටි මහාවිරු සුසාන භූමි එළිපෙහෙළි කරමින් මියගිය කොටි සැමරීමට උත්සාහ කරද්දී රට වෙනුවෙන් දිවි පිදූ එම පොලිස්‌ භටයන් නොසළකා හැරීම අතඥ ක්‍රියාවක්‌ නොවේද? එසේම රූපස්‌කුලම් සහ තිරුක්‌කෝවිල්හිදී වළදමා තිබූ පොලිස්‌ භටයන්ගේ සිරුර පස්‌වලින් වසාදමන ලෙස නියෝග ලැබී තිබූ බව හෙලිවූයේ වසර 27 කට පෙරය. හිටපු විශේෂ කාර්ය බළකායේ නිලධාරි ජනිත් විමල මෙය හෙළිනොකළේ නම් එම තොරතුරුද යටපත්වීමට ඉඩ තිබුණි. අපි රූපස්‌කුලම් වනයට යැමට පෙර ප්‍රාණඇපයට ගත් පොලිස්‌ භටයන් රඳවා තිබූ කොටි කඳවුරක්‌ සොයාගත්ත යයි ජනිත් විමල තවදුරටත් හෙලිකළේය.

එහෙත් පසුගිය ආණ්‌ඩු තිරුක්‌කෝවිල් සහ රූපස්‌කුලම් මරණයේ තැන්න යයි හඳුන්වන ස්‌ථානයේ සිදුවූ ඒ මහා මිනිස්‌ ඝාතනයේ තොරතුරු හෙලිකිරීමට එම මිනිස්‌ සිරුරු වැළලූ වළ හෑරූ සිරුරු ගොඩගැනීමට ක්‍රියාකළේ නැත. මෙය අතිශයින්ම කණගාටුදායක තත්ත්වයකි. එසේම උතුරේ වැන්දඹුවන් ගැන හඬ නගන පාර්ශව කොටි ඝාතනය කළ පොලිස්‌ භටයන්ගේ වැන්දඹුවන් 600 වෙනුවෙන් වචනයක්‌වත් ප්‍රකාශ කළේ නැත. එසේ වූවත් 1990 ජුනි 19 දා ලන්ඩන් නුවර ටයිම්ස්‌ පුවත්පතේ බොඩි ෙඩ්‍රාaජින් නැමැති වාර්තාකරුවා අම්පාර නගරයට ගොස්‌ කොටින්ගේ සමූල ඝාතනයෙන් දිවිගලවා ගත් උපපොලිස්‌ පරීක්‍ෂක රණවිර පියරත්න එම බිහිසුණු සිද්ධිය හෙළිකළ බව කීවේය.

කොටි ඝාතනයෙන් දිවි ගලවාගත් ලතිෆ් නැමැති පොලිස්‌ භටයා පැවසුවේ කොටි කාන්තාවන් සහ තරුණියන් සිනහවෙමින් අත්පුඩි ගසද්දී කොටි පොලිස්‌ භටයන්ට වෙඩි තැබූ බවයි. පොලිස්‌ භටයන් 600 ඝාතනය වූ සමයේ මෙරට පොලිස්‌පතිවූයේ අර්නස්‌ට්‌ පෙරේරායි. දැස්‌ වසා වනයට ගෙනගිය පොලිස්‌ භටයන්ගේ දැත් බැඳ තිබුණා. 

ඉන්පසු ඔවුන්ට බිම දිගාවන ලෙස කොටි නියෝග කර තිබූ බව වාර්තාවුණා. ඉන්පසු දිගට හරහට වෙඩිතබා සියල්ලන්ව ඝාතනය කර තිබෙනවා යයි ජනිත් විමල වැඩිදුරටත් අනාවරණය කළේය. කොටින්ගේ සමූල ඝාතනයෙන් ගැලවුනු සැරයන් අබ්දුල් ලතිප්ගේ හිසටද වෙඩිවැදී තිබුණි. මරණයේ තැන්න හෙවත් ඝාතන භූමියෙන් පැනගිය ලතිප්ට ද්‍රවිඩ කොටියකුද පිහිට විය. ලතිප්ට අමතරව තවත් පොලිස්‌ භටයන් 11 ක්‌ කොටින්ගෙන් බේරී ලාහුගල වනයේ සැඟවී සිටි බවද හෙලිවිය. කොටි සංවිධානය මෙම පොලිස්‌ භටයන්ව අත්අඩංගුවට ගන්නාවිට අම්පාර පොලිස්‌ අධිකාරි ලෙස කටයුතු කළේ එම්. හුර්දින්ය. 

ඔහු මෙලෙස පවසා ඇත. “ගුවන් සහය සහ කාලතුවක්‌කු සහය ලබාගැනීමට දැරූ සියලු උත්සාහයන් අසාර්ථක වුණා. මඩකලපුවේ සිටි අර්නස්‌ට්‌ පෙරේරා පොලිස්‌පති වෙඩි තැබීම් නතර කරන ලෙසත් කලවංචිකුඩි පොලිසියේ නිලධාරීන් යටත්වූ අයුරින් කල්මුනේ පොලිසියද යටත්විය යුතු බවට නියෝග කළා.” මෙවන් පසුබිමක්‌ මැද විසිහත් වසරකට පෙර සිදුවූ එම සමූල ඝාතනයේ තොරතුරු ජනිත් විමල හෙලිකළේ එය සිත තුළ සඟවාගෙන සිටීම වදයක්‌ වූ බැවිනි. එදා රජය කොටින්ට “අවි ආයුධද ලබාදුන්නේය. 

මේ අවි ආයුධ රැගෙන හෙදුන්කර්ති කැලෑවට ගිය ලුතිනන් වැදිගේ අවි කොටින්ට බාරදී එන අවස්‌ථාවේ අතුරුදන්විය. ලුතිනන් වැදිගේ මතුවූයේ ඉන්දියාවෙනි. ඔහු ඉන්දීය මාධ්‍ය අමතා රජය කොටින්ට අවි ලබාදීමේ සත්‍ය කතාව හෙලිකරනු ලැබීය. මේ අතර මෙම සතියේ රජය ආරක්‍ෂක උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌වූ මයිලඩ්ඩි වරාය සහ ජැටිය මුදාහරිනු ලැබීය. කොටි පලාලි ගුවන් ධාවන පථයට මෝටාර් ප්‍රහාර එල්ල කරනු ලැබුවේ මයිලඩ්ඩි වරායේ සිටය. මෙම ආරක්‍ෂක කේන්ද්‍රස්‌ථානය මුදානොහරින බව රජය මුලින්ම පැවසුවේ ඊට හමුදාව එරෙහිවූ බැවිනි. මයිලඩ්ඩි යනු අධි ආරක්‍ෂක කලාපයේ ස්‌ථානයක්‌ මයිලඩ්ඩි වරාය රජයේ දිසාපති එන්. වෙදනායගම් වෙත භාරදීමට ක්‍රියාකළේ මේජර් ජනරාල් දර්ශන හෙට්‌ටිආරච්චිය.

එම අවස්‌ථාවට ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. කේ. සුමන්තිරන්ද සහභාගිවිය. මයිලඩිඩ් වරාය සහ ජැටිය මුදාහැරීමෙන් ද්‍රවිඩ සන්ධානය සෑහීමට පත්වී නැත. වහාම මයිලඩ්ඩි වරාය අසලින් දිවෙන පොන්තාලයි පේදුරුතුඩුව මාර්ගයද මුදාහැරිය යුතු බව මයිලඩ්ඩි ජනතාව පවසන බව ද්‍රවිඩ සන්ධානය ප්‍රකාශ කර ඇත. එසේම පසුගිය සතියේ කිලිනොච්චියේ රැස්‌වීමක්‌ පැවැත්වුණි. එහිදී ද්‍රවිඩ සන්ධානය තවත් ඉල්ලීමක්‌ ඉදිරිපත් කළේය. උතුරු ඉරනතිව් දූපත නිදහස්‌ කළ යුතුයි යයි ද්‍රවිඩ සන්ධානය රජයට කියා සිටියේය. උතුරු ඉරනතිව් දූපතද උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයකි. මේ දූපතේ මිනිස්‌ වාසයක්‌ නැත. ජලය මුළුමනින්ම ලවණ ගතියෙන් යුක්‌තය. උතුරු ඉරනතිව් දූපතේ නාවික හමුදා රේඩාර් පද්ධතියද ස්‌ථාපිත කර තිබේ.

මේ රේඩාර් පද්ධතියෙන් උතුරේ හොර බඩු ජාවාරම්කරුවන්ගේ බෝට්‌ටු නිරීක්‍ෂණය වේ. උතුරු ඉරනතිව් දූපතට අමතරව දකුණු ඉරනතිව් දූපතේ ද්‍රවිඩ සිවිල් වැසියන් පදිංචිව සිටී. මුලින් ද්‍රවිඩ සිවිල් වැසියන් 140 ක්‌ එහි පදිංචියට පැමිණි අතර දැන් එම සංඛ්‍යාව 400 දක්‌වා වැඩිවී ඇත. මේ තත්ත්වය මත දකුණු ඉරනතිව් දූපත නිදහස්‌ කළ යුතු බව ද්‍රවිඩ සන්ධානය ඉල්ලා ඇත්තේ ධීවරයන්ට මාළු සහ මාළු දැල් වේලාගැනීමටය. එය අමූලික බොරුවකි. දකුණු ඉරනතිව් දූපතේ ධීවර කටයුතු සඳහා සියලු පහසුකම් ඇතත් උතුරු ඉරනතිව් දූපතේ එවන් පහසුකම් නැත. නාවික හමුදාව සිය කුඩා බෝට්‌ටු රඳවා තැබීමට පමණක්‌ තාවකාලික ජැටියක්‌ ඉදිකර තිබේ.

මෙලෙස උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන බන්දේසියක තබා තමන්ට ලබාදෙන ලෙස ද්‍රවිඩ සන්ධානය ඉල්ලන්නේ මන්ද? අවි පුහුණුවලත් 12000 ක්‌ කොටි උතුරේ සිටී. එසේම පුනරුත්ථාපනය නොවූ කොටි 250 කට අධික පිරිසක්‌ද සිටින බව වාර්තා වී ඇත. මොවුන් බලාසිටින්නේ අවස්‌ථාව එනතුරුය. එසේම අවි ආයුධ සඟවා ඇති ස්‌ථාන දන්නේ එම කොටි පමණකි. මේ සැබෑ යථාර්ථය තේරුම් ගැනීමට බලධාරීන් අපොහොසත් වී සිටී. එසේම වන්නි මෙහෙයුමට දායකවූ වෘත්තීය නිපුණත්වයෙන් යුත් ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් රැසක්‌ විශ්‍රාම ගොස්‌ ඇත. එහෙත් උතුරේ සිටින හිටපු කොටි හමුදා නායකයන් රැසක්‌ යුරෝපා රටවල සිටින බව හෙලිවී ඇත.

මේ නිසා ද්‍රවිඩ සන්ධානයේ සැබෑ යටි අරමුණු කෙරේ රජයේ බලධාරීන්ගේ අවධානය යොමුවී නැත. මෙලෙස උතුරේ උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථාන අවතැන්වූවන් වෙනුවෙන් යයි පවසමින් මුදාහරින අවස්‌ථාවේ 29000 ක හමුදා නිලධාරීන් සහ භටයන් දිවි පිදුවේ කොටි රූකඩය වූ ද්‍රවිඩ සන්ධානයේ ඉල්ලීම් ලබාදීමටද සහ බරපතල ප්‍රශ්නය මතුවී ඇත. මේ අතර ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලය වෙත යුද අපරාධ චෝදනා සහ වෙනත් සාවද්‍ය වාර්තා පවසන්නේ රාජ්‍ය නොවන සංවිධාන බව මානව හිමිකම් කවුන්සිලයේ නිලධාරි තෝමස්‌ හුනෙක්‌ ගේ ප්‍රකාශය කියා හෙළිවී ඇත. ඔහු දක්‌වා ඇත්තේ රාජ්‍ය නොවන සංවිධාන ඉදිරිපත් කළ සියළු වාර්තා නිරීක්‍ෂණයට ලක්‌කරන බවයි.

මේ අතර මනෝගනේෂන්ගේ ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය රවුප් හකීම්ගේ මුස්‌ලිම් කොංග්‍රසය, රිෂාද් බදුයුදීන්ගේ ඕල් සිලෝන් මක්‌කල් කොංග්‍රසය සහ ඩග්ලස්‌ දේවානන්දගේ ඊ පී ඩී පී සංවිධානය එක්‌වී ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා අතුරු කමිටුව වෙත යෝජනා ඉදිරිපත් කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව මින් පසු ශ්‍රී ලංකා එක්‌සත් ජනරජය ලෙසද ජාතීන් තුන නියෝජනය වන පරිදි උප ජනාධිපතිවරුන් තිදෙනකු පත්කළ යුතු බවද ඔවුහු නිර්දේශ කර තිබේ. ඇමරිකාවේ පවා ඇත්තේ එක්‌ උප ජනාධිපතිවරයකු පමණි. එහෙත් මේ සුළුතර පක්‍ෂ මෙරටට උප ජනාධිපතිවරු තිදෙනකු ඉල්ලා ඇත. එම නිර්දේශවලින් රජයට කියා සිටියේ මුස්‌ලිම් සහ ද්‍රවිඩ උප ජනාධිපතිවරු දෙදෙනකු අවශ්‍ය බවයි.

එසේම එම සුළුතර පක්‍ෂ ශ්‍රී ලංකා පොලිසිය කැබලි කිරීමටද යෝජනා කර පළාත් පොලිසි පිහිටුවියයුතු බවට නිර්දේශ කර ඇත. මෙවන් පසුබිමක්‌ මැද අතුරුදන් කරවීම්වලට එරෙහි ජාත්‍යන්තර ප්‍රඥප්තිය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ පනත් කෙටුම්පතක්‌ රජය ගැසට්‌ කර තිබේ. මෙම ජාත්‍යන්තර ප්‍රඥප්තියේ 10 සහ 11 වැනි වගන්තිවලට අනුව සාමාජික රටකට වෙනත් සාමාජික රටක අතුරුදන් කිරීමට වගකිවයුතු අයෙක්‌ සිරභාරයට ගැනීමේ බලය හිස්‌වේ. එසේම එම තැනැත්තා තමන්ට බාරදෙන ලෙස ඉල්ලා සිටීමටද එවන් රටවලට හැකිවේ. මේ ගැන එම ප්‍රඥප්තියේ 32 වැනි වගන්තිය යටතේ ප්‍රඥප්තිය පිලිගන්නා විදේශීය රටකට ශ්‍රී ලංකාව එම ප්‍රඥප්තිය මත තම වගකීම ඉටුනොකරන බවට ජිනීවාහි අතුරුදන් කරවීමේ විමර්ශන කමිටුවට පැමිණිලි කිරීමටද ඉඩ ? ලැබේ.

-දිවයින

No comments:

Post a Comment

Post Bottom Ad