ඇය අප සමග මෙසේද පැවසුවාය. මම විවාහ වූයේ කේ. ඩී. ජුවන් විඡේරත්න සමගයි. ඔහු දැනට ජීවතුන් අතර නෑ. ඔහුට දාව මට පුත්තු 3 ක් හා දූ වරුන් 4 ක් ඉපදුණා. වැඩිමහල් පුතාගේ වයස අවුරුදු 79 යි. දැන් ඔක්කොම මුණුපුරු මිණිපිරියෝ 53 ක් ඉන්නවා. අපි දැන් වගේ ඒ කාලේ හැමදේම කඩෙන් ගන්නට ගියේ නෑ. ලුණු කැටයයි, කහකෑල්ලයි විතරයි පිටින් ගන්නේ. අනිත් දේවල් අපිම වවා ගත්තා. අපි වැඩපොළ කරගත්තේ අත්කම් ක්‍රමයටයි.
අපි වැඩිපුර ආහාරයට ගන්නේ මුං, තල, මෙනේරි, කුරක්කන් වැනි ධාන්‍ය වර්ග හා පළා වර්ගයි. ඒවායේ ශක්තිය නිසා තවම මට ඇවිදින්න පුළුවන්. වයසත් එක්ක ටික ටික අසනීප නැතුවා නොවේ. මම ඒවා ගනන් ගන්නේ නෑ. මම රෝමානු කතෝලික ආගමයි අදහන්නේ. ආගමානුකූල ජීවිතයක් ගත කිරීම මගේ ආයුෂ වැඩිවීමේ රහස කියලා මට හිතෙනවා. මගේ දරු මුණුපුරු මිණිපිරියන් සියලු දෙනාම මගේ දුක සැප හොඳින් බලනවා. සලකනවා. වයස අවුරුදු 100 සම්පූර්ණ කර ගැනීමට හැකිවීමට ඒකත් එක හේතුවක්. මම දැනුත් ඉන්නේ සතුටින් යෑයි පැවසුවේය.

No comments:
Post a Comment