රට තුළ කලාප සභා 5ක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් - විශාල අර්බුධයක් ගැන ධම්මරතන හිමි කියයි (VIDEO) - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Thursday, July 13, 2017

රට තුළ කලාප සභා 5ක් ස්ථාපිත කිරීමේ යෝජනාවක් - විශාල අර්බුධයක් ගැන ධම්මරතන හිමි කියයි (VIDEO)

කලාප සභා 5ක් රට තුළ ස්ථාපිත කර රට බෙදා පාලනය කිරීමේ යෝජනාවක් ගෙන ඒමට රජය විසින් සූදානමක් පවතින බව පුජ්‍ය මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි පවසති. මාධ්‍ය හමුවකට එක් වෙමින් උන්වහන්සේ සඳහන් කළේ ජාතින් වශයෙන් වෙන් කළ කලාප රාජ්‍ය යෝජනාව ඉතා බරපතල ලෙස රටේ අනාගත ලේ වැගිරීමකට අත වැනීමක් යැයිද ළඟදීම මෙම යෝජනාව පාර්ලිමේන්තුව හරහා සම්මත කර ගැනීමේ වැඩපිළිවෙලක් ඇති බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ සඳහන් කළේ
“මං බලාපොරොත්තු වෙන්නේ රට මුහුණ දීමට නියමිත තවත් විශාල අර්බුධයක් ගැන කියන්න.ආණ්ඩුව සූදානම් කලාප සභා ගේන්න.ආණ්ඩුව ලෑස්ති වෙනවා කලාප සභා 5ක් රට තුළ ස්ථාපිත කරන්න.විශේෂයෙන්ම කියන කාරණාව තමයි ජාතිවාදී,වර්ගවාදී පක්ෂ කියන කාරණාව තමයි රට බෙදලා පාලනය කරන්න ඕනා ජාතීන් වශයෙන්.කලාප රාජ්‍ය යෝජනාව ඉතාම බරපතල විදියට මේ රටේ අනාගත ලේ වැගිරීමකට අත වනනවා.ජාතීන් වශයෙන් හිතලා පාලනය කරන්න එපා.

දේශයක් වශයෙන් හිතලා පාලනය කරන්න.හෙට අනිද්දා මේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙනල්ලා සම්මත කරන්න යනවා.ආණ්ඩුව කියනවා විනිවිදභාවයකින් යුක්තව මේ සියල්ල කරනවා කියලා.වැදගත් වෙන්නේ විනිවිදභාවයෙන් කරන එක නෙවෙයි.අපි කැමතියි යෝජනා කරන්න.”

එම වීඩියෝව පහතින් නරඹන්න...

No comments:

Post a Comment

Post Bottom Ad