ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Wednesday, July 5, 2017

ජංගම දුරකතනවලට රහසේ සවන්දෙන්න ෆේස් බුක් මොනිටර් කරන්න ආණ්ඩුව මිලියන 400ක උපකරණ ගෙනත්

පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල ඊයේ පැවති මාධ්‍ය හමුවකදී විශේෂ හෙළිදරව්වක් යයි කියමින් දන්වා සිටියේ ජංගම දුරකතනවලට රහසේ සවන්දීමට හා ෆේස් බුක් ගිණුම්වල කරන දෑ අධීක්ෂණයට, රුපියල් මිලිනය හාරසියයකට වැඩි මුදලක් වැය කර වත්මන් රජය අධීක්ෂණ උපකරණ ගෙන්වා ඇති බවයි.

ඔහු ඒ ගැන කියා සිටියේ මෙසේය.

'පසුගිය ජනාධිපතිවරණයේදී, ජනාධිපති සිරිසේන මැතිතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ හරි අපූරු දෙයක් තිබුණා. රාජපක්ෂ ආණ්ඩුව, ආණ්ඩු විරෝධී දේශපාලකයන්ගේ දුරකතනවලට රහසේ සවන් දෙනවා. අපි බලයට ආවම ඒවගේ අශීලාචාර කැත වැඩ කරන්නේ නෑ කියලා තමයි ඔවුන් කිව්වේ. රාජපක්ෂ යුගයේ සවන්දීමේ හැකියාව තිබුණේ ස්ථාවර දුරකතනවලට පමණයි. නමුත් වර්තමාන ආණ්ඩුව මෑතකදී ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ගෙන්වූවා උපකරණයක්. ජංගම දුරකතනවලට රහසේ සවන්දීමටයි ඒ උපකරණය ගෙනාවේ.

එහි දේශීය නියෝජිතයා ලෙස කටයුතු කරන්නේ එන්. ඇබ්ලේ සමාගම. මේ උපකරණ හරහා ජංගම දුරකතනවලට රහසේ සවන් දීමට නම් ජංගම දුරකතන සමාගම්, තමන්ගේ ජාලයට සම්බන්ධ වෙන්න අවසර ලබා දෙන්න ඕන. නැතිනම් එන්ක්‍රිප්ෂන් කෝඩ් නමින් හඳුන්වන කේත අංකය ආණ්ඩුවට ලබා දෙන්න ඕන. මේ උපකරණ ගෙන්වුවත් ජංගම දුරකතන ආයතනවල සහයෝගය නැතිව, ආණ්ඩුවට ඔබෙත් මගෙත් ජංගම දුරකතනයට රහසේ සවන් දෙන්න බෑ.

ඔත්තු බලන්නන්ගේ ඔත්තු බැලීම අපි කරනවා. ජංගම දුරකතන ආයතන ඔවුන්ගේ කේත අංක ආණ්ඩුවට ලබා දුන්නොත් ඔබ එය ලබාදුන් බවට අපි හෙළි කරනවා. ඉන් පසුව කිසිම කෙනෙක් ඒ ආයතනවල දුරකතන සේවාවන් ලබාගැනීමට ඉදිරිපත් වෙන එකක් නෑ. අපි මීට එරෙහිව කටයුතු කරන්නේ මේ ආණ්ඩුව ලබා ගත්ත ජන වරමට පටහැනි නිසයි. මාධ්‍ය නිදහස ගැන කතා කරපු ජනතාවගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය වන්න ඉඩ දෙන්නේ නෑ කියපු ආණ්ඩුවට කිසිදු බලයක් වරමක් නෑ ජනතාවගේ පෞද්ගලිකත්වයට අතපොවන්න.

මේ ආණ්ඩුව දැනටමත් රුපියල් මිලියන 400කට වඩා වැය කරලා ෆේස් බුක් අධීක්ෂණ උපකරණයක් ලංකාවට ගෙනැවිත් තිබෙන්නේ. ඒක ක්‍රියා කරන්නේ සී ආර් ඩී නැතිනම් සෙන්ටර් ෆෝ රිසර්ච් ඇන්ඩ් ඩිවෙලොප්මන්ට් කියන ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබෙන ආයතනය යටතේ. ඔබ ෆේස්බුක්හි කරන සෑම දෙයක්ම ආණ්ඩුවේ දැඩි පරික්ෂාවට ලක් වෙමින් තිබෙන්නේ. ඔබට මතක ඇති මහින්ද රාජපක්ෂ මැතිතුමන් ජනපතිවරණයෙන් පරාජය කිරීමට තරුණ ෆේස් බුක් ක්‍රියා කරුවන් දැවැන්ත කාර්යක් ඉටු කලා. 


එතුමන්ට දැඩිව අපහාස කලා. නමුත් මහින්ද රාජපක්ෂ මැතිතුමන් ෆේස් බුක් වල තමන්ට එරෙහිව කටයුත් කරන අය මර්ධනය කිරීමට උත්සහ කලේ නෑ. අත් අඩංගුවට ගත්තෙත් නැ.

No comments:

Post a Comment

Post Bottom Ad