හිටපු හමුදාපති රත්නායක ඇතුළු 4 කට නොතීසි

කන්කසන්තුරේ සිමෙන්ති කර්මාන්ත ශාලාවේ ටොන් 600 ක  වටිනා යන්ත්‍ර  සුත්‍ර අබලි යකඩ වශයෙන් කපා ඉවත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයක් වෙනුවෙන්  හිටපු හමුදාපති ජනරාල් දයා රත්නායක,   මේජර් ජනරාල්  මහින්ද හතුරුසිංහ ( විශ‍්‍රාමික) , මේජර් ජනරාල් උදය  ඇනස්ලි පෙරේරා (විශ‍්‍රාමික) , ආරක්ෂක අමාත්‍යාංශය හිටපු අතිරේක ආරක්ෂක ලේකම්වරයකු වන සිරිපාල හෙට්ටිආරච්චි  යන මහත්වරුන්ට ලබන 13 වැනි දා  බරපතල වංචා දුෂණ පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටින ලෙසට නොතිසි නිකුක් කළ බව කොමිසම කියයි.

යුද්ධය නිමවීමෙන් පසු 2012- 2013 වසර තුළ මෙම කර්මාන්ත ශාලාව අවට  ඇති අබිලි යකඩ ඉවත් කිරීමට යැයි පවසමින් සිමෙන්ති සංස්ථාවට හා සිමෙන්ති  සමාගමට  නොදන්වා  යුද හමුදාව විසින් ටෙන්ඩර් කැඳවා  අබලි යකඩ වෙනුවට   මෙම වටිනා  ටොන් 600 ක යකඩ හා යන්ත‍්‍ර සුත‍්‍ර කපා ඉවත් කර ඇති බවත් මෙම කි‍්‍රයාවෙන් සමාගමට රුපියල් කෝටි ගණනින් අලාභය සිදුව ඇති බවටත්   දුෂණ විරෝධී පෙරමුණ කළ පැමිණිල්ලක් අනුව   බරපතල වංචා දුෂණ පිළිබද ජනාධිපති විමර්ශන කොමිසම මෙම පරීක්ෂණ ආරම්භ කර ඇත.


Share on Google Plus

About විගස පුවත් 24x7

විගස පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

0 comments:

Post a Comment