ලක්ෂ 34 පාඩු කළැයි ජාතික රූපවාහිනි හිටපු සභාපති රූබසිංහ හා අධ්‍යක්ෂ චන්ද්‍රපාලට නඩු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Monday, July 10, 2017

ලක්ෂ 34 පාඩු කළැයි ජාතික රූපවාහිනි හිටපු සභාපති රූබසිංහ හා අධ්‍යක්ෂ චන්ද්‍රපාලට නඩු

ජාතික රූපවාහිනියේ හිටපු සභාපති විමලසේන රූබසිංහ හා හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහතුන් එම තනතුරු දැරූ සමයේ රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැණිව ඉතාලියේ සැටලයිට් නාලිකාවකට මුදල් ගෙවා රූපවාහිනී වැඩසටහන් ලබාදී ඇති බවත් එයින් රජයට ලක්ෂ 34 කට අධික මුදලක් පාඩුවී ඇති බවත් කියමින් නඩුවක් ගොනුවී තිබෙන අතර පසුගිය 7 වනදා එම නඩුවේ එම දෙදෙනා පෙනී සිට ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත මුදාහැර තිබේ.

‘වන් ශ්‍රී ලංකා‘ නමැති මෙම සැටලයිට් නාලිකාව ඉතාලියේ නෝවා විෂන් ආයතනය මගින් විසුරුවා හරින එකකි. එය මැද පෙරදිග හා යුරෝපයට සිය සැටලයිට් නාලිකා පවත්වා යයි. පසුගිය රජයේ අවසාන සමයේ 2014 දෙසැම්බර් හා 2015 ජනවාරි අතර මාසයක කාලයක් මෙම සැටලයිට් නාලිකාව හරහා ලංකාවේ වැඩසටහන් විකාශය කරනවාට ජාතික රූපවාහිනියට අයත් මුදල් ගෙවා ඇති අතර පසුව එම කොන්ත්‍රාත්තුව ජනවාරි 15 වනදා අත්හිටුවා තිබේ.

මෙම කෙටි කාලය ඇතුළත සිදුවූ පාඩුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මේ දෙදෙනාට එරෙහිව නඩු පවරා ඇත.


No comments:

Post a Comment

Post Bottom Ad