ආණ්ඩුව සෑම දිනකම රුපියල් මිලියන 3390 ක් ලෝකයට ණය වෙයි.. අලුත්ම වාර්තාව මෙන්න.. - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Tuesday, July 4, 2017

ආණ්ඩුව සෑම දිනකම රුපියල් මිලියන 3390 ක් ලෝකයට ණය වෙයි.. අලුත්ම වාර්තාව මෙන්න..

මේ සතියේදී මහ බැංකුව විසින් පල කල ඇති දැන්වීම අනුව පැහැදිලි වේ, ශ්‍රීලංකා මහා බැංකුව ජූනි මස 27 වෙනිදා ඇ.ඩොලර් මිලියන 515 ක් එනම් රුපියල් මිලියන 79825 ක බැදුම්කර වෙන්දේසියක් පවත්වා ආණ්ඩුව පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් ලබා ගෙන ඇත. මහා බැංකුවේ වෙන්දේසි නිවේදනය පහත පලවේ.

ආණ්ඩුවේ සමස්ථ ණය ප්‍රමාණය රුපියල් බිලියන 9864 දක්වා 2016 දෙසැම්බර් 31 දිනට වැඩි වී ඇති බැව් රජයේ විගණකාධිපතිගේ වාර්තාව අනුව පැහැදිලි කොට ඇත. මුදල් අමාත්‍යාංශයේ 2016 වාර්ෂික වාර්තාව පිටුව අංක 364 හි සමස්ථ ණය ලෙස 9,864,512 ලෙස දක්වා ඇත. Link

මෙම සමස්ථ ණය ප්‍රමාණය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුගිය ජනවාරි 8 වෙනිදා භාර දෙනවිට තිබු එනම් නිදහසෙන් පසුව 1950 සිට 2014 දෙසැම්බර් 31 වෙනිදා දක්වා ගත් ණය ප්‍රමාණය වන රුපියල් බිලියන 7391 ට වඩා බිලියන 2473 ක වැඩිවීමකි. ඊට අමතරව මේ වසරේ මුල් මාස 6 තුල ද සැලකිය යුතු ණය ප්‍රමාණයක් මේ දක්වා ආණ්ඩුව දේශීයව හා විදේශීයව ලබා ගෙන ඇති අතර එම ප්‍රමාණය මෙහි අඩංගු නැත.

මේ අනුව මේ ආණ්ඩුව තිබෙන සෑම දිනකම දිනකට රුපියල් මිලියන 3390 ක් ( බිලියන 3.3) ණය වෙමින් සම්මුති ආණ්ඩුව පවත්වාගෙන යන බව පැහැදිලි ය. , එදා 30 අවුරුදු කොටි ත්‍රස්තවාදී යුද්ධය අවසන් කොට රටේ අති විශාල සංවර්ධනයක් කොට මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දිනකට ණය වුනේ මිලියන 1416 යි. එනම් වසර 10 ට ම රුපියල් බිලියන 5161 කි. Link

No comments:

Post a Comment

Post Bottom Ad