ලංකාවේ සියයට 31 දුම්කොළ ඇබ්බැහි වූවන් - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 22, 2017

ලංකාවේ සියයට 31 දුම්කොළ ඇබ්බැහි වූවන්

ලංකාවේ සියයට 31 දුම්කොළ ඇබ්බැහි වූවන්
ශ්‍රී ලාංකීය ජනගහනයෙන් සියයට 31 ක්‌ පිළිකා කාරකයක්‌වන දුම් රහිත දුම්කොළ භාවිතයට ඇබ්බැහි වී ඇති බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය පවසයි. මෙම සංඛ්‍යාවෙන් සියයට 26 ක්‌ පිරිමින් වන අතර සියයට 5 ක්‌ කාන්තාවෝ වෙති.
මෙරට ලියාපදිංචි වී ඇති පිළිකා රෝගීන්ගෙන් සියයට 14.3 ක්‌ මුඛ පිළිකා රෝගීන්වන අතර එම තත්ත්වයට ප්‍රධානතම හේතුව වී ඇත්තේ දුම් රහිත දුම්කොළ භාවිතය බව පිළිකා රෝග විශේෂඥ වෛද්‍ය හේමන්ත අමරසිංහ මහතා පැවසීය.
මුඛ පිළිකා හේතුවෙන් දිනකට මරණ 3 කට අධික සංඛ්‍යාවක්‌ බැගින් වාර්ෂිකව 1000 කට අධික සංඛ්‍යාවක්‌ මිය යන අතර වාර්ෂිකව එම රෝගීන් 2400 ක්‌ පමණ පිළිකා රෝහල්වලට වාර්තාවන බව අනාවරණය වී ඇතැයි ඔහු වැඩිදුරටත් පැවසීය.
ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පළමුවැනි කාණ්‌ඩයේ පිළිකා කාරකයන් ලෙස වර්ගීකරණය කර ඇති දුම් රහිත දුම්කොළ නිෂ්පාදන වශයෙන් බුලත් විට සඳහා යොදා ගන්නා බුලත්, පුවක්‌, දුම්කොළ හා හුණු මෙන්ම වාණිජමය වශයෙන් සකස්‌ කරනු ලබන මාවා, ගුට්‌කා, පාම්පරාග්, හාන්ස්‌, බාබුල් හා බීඩි ගැනේ.
 

No comments:

Post a Comment

Post Bottom Ad