මහනුවර ඇසළ පෙරහැර 24 වනදා ඇරඹේ - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 22, 2017

මහනුවර ඇසළ පෙරහැර 24 වනදා ඇරඹේ

මහනුවර ඇසළ පෙරහැර 24 වනදා ඇරඹේ
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය මේ මස 24 වන දින ආරම්භ වීමට නියමිතයි. එදින උදෑසන 6.58ට යෙදෙන සුබ මොහොතින් සිව් මහා දේවාලයන්හි කප් සිට විමේ මංගල්‍යයෙන් උත්සව කටයුතු ආරම්භ වෙයි.

24 වනදා සිට දින 5ක් සිව් මහ දේවාලයන්හි අභ්‍යන්තර පෙරහැර පවත්වන බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පවසයි. මේ මස 29 වනදා කුඹල් පෙරහැර මංගල්‍යය ආරම්භ වන අතර අගෝස්තු මස 02 වනදා කුඹල් පෙරහැර අවසන් වීමට නියමිත බවත් පළමු රන්දෝලි පෙරහැර අගෝස්තු මස 03 වනදා ආරම්භ වී අගෝස්තු මස 07 වන දිනට යෙදී ඇති පොහොය දිනයේදී අවසන් රන්දෝලි පෙරහැර විථි සංචාරය කිරිමට නියමිතයි.

දිය කැපීමේ මංගල්‍යය 08 වනදා සිදු කෙරෙන බව ද  1706 වන වරට පැවැත්වෙන මහනුවර ශ්‍රී දළදා මාලිගයේ පෙරහැර මංගල්‍යය සඳහා මෙවර අලි ඇතුන් 75දෙනෙකු පමණ සහභාගී කරවන අතර නර්තන ශිල්පීන් 3000 ක් පමණ සහභාගී වීමට නියමිත බවද  ඒ මහතා විසින් වැඩිදුරටත් පැවසීය. මේ අතර පෙරහැර නැරඹීම සඳහා ලක්ෂ 04ක පමණ  ජනකායක් පැමිණෙනු ඇති බවට අපේක්ෂා කරන අතර දළදා මාලිගා පරිශ්‍රයට ප්ලාස්ටික් බෝතල් සහ පොලීතීන් රැගෙන යාම ද තහනම් කර තිබේ.

No comments:

Post a Comment

Post Bottom Ad