ජනපතිවරණය 2019 දී - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Sunday, July 9, 2017

ජනපතිවරණය 2019 දී

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුව එළැඹෙන ජනාධිපතිවරණය 2020දී නොව 2019 වසරේදී පැවැත්විය යුත්තේය. ව්‍යවස්ථාවේ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම හා එහි බලතල සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 7 වන පරිච්ඡේදයේ 30 (1) වගන්තියට අනුව ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර පහකි.

ව්‍යවස්ථාවේ 31 (3) වගන්තියට අනුව ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ධුරය දරන ජනාධිපතිවරයා ධුර කාලය ඉකුත්වීමට පෙර මාසයකට අඩු නොවන සහ මාස දෙකකට වැඩි නොවන කාල සීමාවක් තුළ පැවැත්විය යුත්තේය. වර්තමාන ජනාධිපතිවරයා දිවුරුම් දුන්නේ 2015 ජනවාරි 08 වැනිදායි. ඒ අනුව ඔහුගේ වසර පහක ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරි 8 වැනිදායි.

එසේ වුවත්, ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම ධුරය දරන ජනාධිපතිවරයාගේ ධුර කාලය ඉකුත්වීමට මාසයකට අඩු නොවන හා මාස දෙකකට වැඩි නොවන කාලසීමාවකදී පැවැත්විය යුතු බව ව්‍යවස්ථාවේ සඳහන් වන අන්දමට ජනාධිපතිවරණය 2019 නොවැම්බර් 08 සිට දෙසැම්බර් 08 අතර කාලයේදී පැවැත්විය යුත්තේය. වසර 2020 වනතුරු ජනාධිපතිවරණයක් නැතැයි ආණ්ඩුව ප්‍රසිද්ධියේ කරන ප්‍රකාශය ව්‍යවස්ථාවට අනුව සත්‍යයක් වන්නේ නැත.

එළැඹෙන මහ මැතිවරණයට ශ්‍රී ලනිපයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාත්, එජාපයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත් තරග කරන බවට මේ වනවිටත් දේශපාලන වේදිකාවේ ප්‍රසිද්ධ ප්‍රකාශ කෙරී ඇත. ඒකාබද්ධ විපක්ෂයෙන් හිටපු ආරක්ෂක ලේකම්වරයා තරග කරන බවට ද ඉඟි පළවී තිබේ. කෙසේ වෙතත් ගෝඨාභය රාජපක්ෂ මහතා අවස්ථා කීපයකදීම තමා දේශපාලනය නොකරන බව ප්‍රකාශ කර තිබිණි.

No comments:

Post a Comment

Post Bottom Ad