පොලීසියේ 20කට ස්ථාන මාරු - විගස පුවත් 24x7 - Vigasapuwath 24x7

Breaking

Saturday, July 8, 2017

පොලීසියේ 20කට ස්ථාන මාරු

පොලීසියේ 20කට ස්ථාන මාරු
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුට ඇතුලූ පොලිස් නිලධාරීන් 20 දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබා ද ඇති බව පොලිස් මුලස්ථානය පවසයි.

සෙසු පොලිස් නිලධාරීන් පිරිස අතර පොලිස් අධිකාරිවරයෙක්, සහකාර පොලිස් අධිකාරිවරුන් දෙදෙනෙක්, පොලිස් ස්ථානාධිපතිවරුන් 13 දෙනෙකු, පොලිස් පරීක්ෂකවරුන් තිදෙනකු සිටින බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

පොලිස්පතියවරයාගේ නිර්දේශ මත පොලිස් කොමිසමේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාව මත මෙම ස්ථාන මාරුවීම් සිදුකර ඇති බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් පැවසී ය.

No comments:

Post a Comment

Post Bottom Ad